බොදු බල සේනාව මෛත්‍රීට විරුද්ධ නැහැ

 yanasara1


තමන් කැමැති අපේක්‌ෂකයාට ඡන්දය දීම ජනතාවගේ කැමැත්තක්‌ බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝත් පැවසූහ.
උන්වහන්සේ     කිරුළපන පිහිටි බෝධි බෞද්ධ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමින්  කියා සිටියේ මාධ්‍ය කුමක්‌ වාර්තා කළත් මෛත්‍රිපාල සිරිසේන මහතාව පරාජය කිරීමට කටයුතු කරන බව තමන් වහන්සේ සඳහන් නොකළ බවයි.
කුඩු එතනෝල් ඇතුළු මත්ද්‍රව්‍ය ත්‍රස්‌තවාදය එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයට වඩා ප්‍රබල බවත් මේ  ආණ්‌ඩුව කරන සියල්ල හරි නැති  නමුත් වඩා හොඳ පාලනය මෙම පාලනය බව ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසුහ .
ජනතාවට ඕනෑ කෙනකුට ඡන්දය දිය හැකි අතර තමන්ගේ  යුතුකම අනුශාසනා කිරීම පමණක් බව උන්වහන්සේ  ප්‍රකාශ කළහ .
තමුන්  එජාප පාක්‌ෂිකයෝවක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සාමාජිකයෝවත් නෙවෙන බවත්  මෛත්‍රිපාල මහත්තයාට ඡන්දය දෙන්න එපා කිසි විටෙක ප්‍රකාශ නොකළ  නමුත්  තමුන්ගේ  ප්‍රකාශ මාධ්‍ය වැරදියට ප්‍රචාරය කොට ඇතයි ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් පැවසුහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.