මංගල සියලු නිර්නායක ඈවර කරයි… සරෝජා හොර පාරෙන් ජර්මනියට

saroja_sirisenaවිදේශ සේවයේ මෙතෙක් පැවති සම්ප්‍රදාය විනාශ කරමින් මංගල සමරවීරගේ පුද්ගලික අවශ්‍යතාවක්  මත විදේශ සේවයේ කණිෂ්ඨ නිලධාරිණියක් වූ සරෝජා සිරිසේන  ජර්මනියේ තානාපතිවරිය ලෙස පත් කර තිබේ. මේ  සමග විදේශ කටයුතු අමාත්‍යාංශ තුළ බරපතල  අර්බුදයක් නිර්මාණය  ඇතැයි වාර්තා වේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දේශපාලන අනුග්‍රහය මත මුම්බායිහි තානාපතිවරිය වූ තවමත් අවිවාහක සරෝජා සිරිසේන ඉන්දියාවේ ආහාර හා මධ්‍යසාර විකුණන ආයතනයක් වන Upper Crust සගරාවේ  2015 දෙසැම්බර් කලාපයේ මුල් පිටුව සරසමින් වයින් වීදුරුවක් අතැතිව නිරූපිකාවක් ලෙස පෙනී සිටීමෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන් කඩකර ලංකාවේ විදේශ සේවය බරපතල ලෙස හෑල්ලු කළ අයෙකි. මේ අශීලාචාර හැසිරීම නිසා ජනාධිපතිවරයා විසින් ඇයගේ ජර්මානු පත්වීම නිර්දේශ නොකර සිටියදී මංගල සමරවීර ජනාධිපති හමුවේ බැගෑපත් වී මෙම නිලධාරිණිය සදහා අනුමැතිය ලබාගෙන ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචිමාර්ග ලංකා නිවුස්ලයින් වෙත ප්‍රකාශ කරයි.

විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් 45 වන තැන පසුවන ඇය මේ තනතුරට පත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින්ම නම්කළ විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් වන එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් උයන්ගොඩ ජර්මන් තානාපති ලෙස පත්කර යැවීමට සියලුම කටයුතු සූදානම් කර තිබියදීය. එම පත්වීම සදහා ජර්මන් රජයේ එකගතාවය ද ලැබී තිබිණි. සරෝජා සිරිසේනගේ හදිසි පත්වීම සිදුවන්නේ මේ අතරය.

මංගල සමරවීර විසින් සාරෝජා සිරිසේනව ජර්මන් තානාපතිනිය ලෙස  පත්කරනු   ලබන්නේ ඔහු විසින්ම මෙතෙක් ක්‍රියාත්මක කළ නිර්නායකයන් බිද දමමිනි. මංගල විසින් මෙතෙක්  විදේශ සේවා නිලධාරියෙක්වෙත නැවත පත්වීම් ලබා දුන්නේ විදේශ රාජකාරිය නිමකර කොළඹ පැමිණ වසර දෙකක් ගතවීමෙන් පසුය. එහෙත් සරෝජා සිරිසේන වසර තුනක් මුම්බායිහි සේවය කිරීමෙන් අනතුරුව කෙලින්ම ජර්මන් තානාපතිවරිය ලෙස පත් කිරීමට  මංගල සමරවීර විසින් කටයුතු කර තිබේ.

මේ වනවිට ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට් නුවර කොන්සල් ජනරාල්වරයාවන රංජිත් ගුණරත්න ජර්මන් තානාපතිවරිය ලෙස නම්කරන සරෝජා සිරිසේනට වඩා වසර 18 ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි විදේශ සේවයේ සිටින පරිණත නිලධාරියෙකි. සරෝජා සිරිසේන ජර්මනියට එනන්ට පෙර රංජිත් ගුණරත්න එම තනතුරින් ඉවත් කිරීමට මේ වනවිට කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.