මගේ කාර්යාලය අසල කටවුට් බැහැ -මැකො

electionmahinda

 

 

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම සිදු කෙරෙන හෙට (8දා)ට පෙර මැතිවරණ මහලේකම් කාර්යාලය අවට, බොරැල්ල සහ රාජගිරිය ප්‍රදේශවල මාර්ගවල සවිකර ඇති අපේක්ෂකයන්ගේ සියලුම කටවුට් ඉවත්කරන ලෙස කොළඹ හා කෝට්ටේ නගරාධිපතිවරුන්ට සහ නාගරික කොමසාරිස්වරුන්ට නියෝග කළ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා
‘මව්බිම’ ට පැවැසීය. මේ නියෝගය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොලිසිය වෙතද ලබාදී ඇත.
අද (7දා) පස්වරුව වන විට එම කටවුට් ඉවත් නොකළහොත් මැතිවරණ දෙපාර්තමේන්තුව මඟින් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජේ‍යෂ්ඨ නිලධාරියකු පැවැසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.