මන්නරාම් රදගුරුවරයා ගේ සහයෝගය මෛත්‍රීට

mr-rayappu2

විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා මන්නරාම් රදගුරු රායප්පු හමුවී ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ආශිර්වාද ලබා ගත්තේය.

පළාතේ දෙමළ ජනතාව ගේ ප්‍රශ්න වෙනුවෙන් නිතර පෙනී සිටින මන්නරාම් රදගුරුවරයා ගේ සහයෝගය ලබා ගත හැකිවීම සිරිසේන මහතාගේ ඡන්ද පදනමට  මෙන්ම

දෙමළ ජාතික ප්‍රශ්න ගැන සොවෙදී වීමට හොඳ ප්‍රවේශයක් සපයන අවස්ථාවක් බවයි විපක්ෂ අරංචි  මාර්ග කියා  සිටින්නේ.

මන්නරාම් රදගුරුවයා කියා සිටියේ උතුරු පළාතේ සියළු කිතුණු ජනතාව සහයෝගය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බවයි.

ද්‍රවිඩ සන්ධානය හෝ තමන් කිසි දිනෙක ඊළමක්‌ ඉල්ලුවේ නැති බවත් ඒකීය රටක්‌ තුළ සමානාත්මතාවකින් ජීවත්වීම ද්‍රවිඩ ජනතාවගේ ප්‍රාර්ථනාව බවත් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා  මෛත්‍රිපාල සිරිසේන මහතාට කියා  සිටියේය.

අප මාතෘ භූමිය තුළ ජීවත්වන සිංහල, දෙමළ, මුස්‌ලිම් ඇතුළු සියලු ජාතීන්ට ඒකීය රටක යහපාලනයක්‌ යටතේ අභිමානවත් ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත්වන යුගයක්‌ උදාකිරීම තම අපේක්‍ෂාව බව මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.

තමාගේ එම අරමුණ ඉටුකරලීමට මඟ පෙන්වීම ලබා දෙන ලෙස සියලු ආගමික නායකයන් වෙත ගෞරව පූර්වක ඇරයුමක්‌ කරන බව ද සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එහිදී අදහස්‌ දැක්‌වූ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අප මාතෘ භූමිය තුළ ජීවත්වන සිංහල, දෙමළ, මුස්‌ලිම් ඇතුළු සියලු ජාතීන්ට ඒකීය රටක යහපාලනයක්‌ යටතේ අභිමානවත් ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත්වන යුගයක්‌ උදාකිරීම තම අපේක්‍ෂාව බව සඳහන් කර සිටියේය. තමාගේ එම අරමුණ ඉටුකරලීමට මඟÊපෙන්වීම ලබා දෙන ලෙස සියලු ආගමික නායකයන් වෙත ගෞරව පූර්වක ඇරයුමක්‌ කරන බව ද එහිදී හෙතෙම පැවැසීය.

රිෂාඞ් බදියුදින් ඇමතිවරයා  මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේදී කටයුතු කල ආකාරය සම්බන්ධයෙන්  මන්නරාම් රදගුරුවයා හ මීට පෙර මතභේද ඇතිවී  තබුනත් මෙම

හමුවේදී රදගුරුවයා සහ ඇමතිවරයා සුහදව කරුණු හුවමාරු කරගත්හ.

මන්නාරම රඳගුරු නිවසේදී ඊයේ සිදු වූ මෙම හමුව සඳහා  රවී කරුණානායක  මන්ත‍්‍රිවරයාද  එක්ව සිටියේය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.