මහින්දගෙන් රැළි 27ක් මෛත්‍රීගේ ජනහමු 140 ක්‌

election meeting
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගේ ප්‍රචාරක රැලි 27 න ප්‍රථම රැළිය ලබන 11 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා කියා සිටී .
මීට අමතරව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නායකයින් මැති ඇමැතිවරුන් සහභාගී වන ප්‍රචාරක රැලි විශාල ප්‍රමාණයක්‌ මැතිවරණ කොට්‌ඨාස ගම් නගර මට්‌ටමින් පැවැත්වෙනු ඇත.

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන ජනහමු 140 ක්‌ ඇමැතීමට නියමිතව අතර . හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හිටපු ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මෙම රැළි ඇමතීමට නියමිතය.
.ප්‍රධාන ජනහමුවලට අමතරව තවත් ග්‍රාමීය සහ වතු මට්‌ටමින් කුඩා රැස්‌වීම් 12,000 ක්‌ පැවැත්වීමට තීරණය කර ඇති අතර මැතිවරණ මෙහෙයුම් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක ගේ මෙහයවීම යටතේ මංගල සමරවීර මන්ත්‍රී වරයා විසින් සිදු කෙරෙමින් පවතී.
දෙපාර්ශවය අතරේ ඇති උග්‍ර තරඟය හමුවේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවීමේ ප්‍රවනතාවක් ඇති විය හහි බව මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.