මහින්දගේ තුන්කල් දැක්ම අඟහරුවාදා

 

Mahinda Rajapaksha Next Presint of Sri Lanka

 

 

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන ‘මහින්ද චින්තන තුන්කල් දැක්ම‘ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සඳුදා (22) පෙරවරුවරුවේ එළි දැක්වීමට නියමිතව තිබු නමුත් එය එලි දැක්වීම දෙසැම්බර් 23 වෙනිදාට  කල් දමා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී  පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මහතා  මේ බව පැවසීය.

 

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  මැතිවරණ ප්‍රකාශනයට අනුව ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනය සංශෝධනය කරන නිසා මෙසේ දින වෙනස් වුයේ දැයි  මාධ්‍යවේදීයකු ඇසු

ප්‍රශ්නයකට පිළිතරු දුන්  ඩලස් අලහප්පෙරුම  අමාත්‍යවරයා  කියා සිටියේ  මහින්ද චින්තනය මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් නොවන එකකට එකක්  බැඳුණු ප්‍රතිපත්තියක් නිසා කිසිම හේතුවක් මත සංශෝධනය  කිරීම අවශ්‍ය නොවන බවයි.

 

 

 

 

 

 

 මීට පෙර ප්‍රකාශයට පත් වූ    මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ප්‍රතිපත්ති මාලාව

* පංචබල කේන්ද්‍රයන් ලෙස ආසියාවේ ආශ්චර්යය බවට

* බත බුලතින් සපිරි අගහිඟකමින් තොර ඉසුරුමත් රටක්‌

* නිවාස, විදුලිය, ජලය, හා සන්නිවේදන පහසුකම් සැමට හිමි වන රටක්‌

* දියුණු මාර්ග පද්ධතියක්‌ සහ ප්‍රවාහන සේවයක්‌ පවතින රටක්‌

* විනය ගරුක – නීති ගරුක යහ පාලනයකින් යුත් සදාචාර සමාජයක්‌

* දිනු දේශය යළි නොබෙදන ඒකීය රටක්‌

* බහුතර සම්මුතියකින් ගොඩ නැගෙන තිරසාර සාමයක්‌

* ගහකොළ සහ සතා සීපාවා ද සුරකින හරිත ලංකාවක්‌

* තරුණයන්ගේ අපේක්‌ෂාවන්ට මුල්තැන දෙන සුභවාදි හෙටක්‌

* අහස – පොළව සයිබර් අවකාශයෙන් ජයගත් දැනුමෙන් බලාත්මක ගුරු සිසු පිsරිසක්‌

* පෙර අපර දිග වෙදකම සමව ගත් නිරෝගී සුවසම්පන්න මිනිස්‌ කැළක්‌

* දේශීය සම්පත්, දේශීය දැනුමෙන් විදේශයන් ද ජය ගන්නා දේශීය ව්‍යවසායකයෙක්‌

* සාහිත්‍ය කලාවේ ප්‍රාසාංගික වේදිකාවේ ප්‍රබෝධයේ සුවිසල් යුගයක්‌

* මිනිසුන් හැර යන රටක්‌ වෙනුවට සතුටින් පැමිණෙන ආදරණීය රටක්‌

අවසන් කළ නොහැකි යෑයි කියූ ත්‍රස්‌තවාදය සහ බෙදුම්වාදය අපි පරාජය කළෙමු. නිදහස්‌ මවුබිමේ භාරකරුවන් ලෙස අහිමි කළ සමෘද්ධිය යළි දිනා ගෙන ජාතිය හා අපේ දරුවන් සුබ අනාගතයකට රැගෙන යැමට ඉතින් අත්වැල් බැඳගමු.

පංචබල කේන්ද්‍රය ඇසුරෙන් ශ්‍රී ලංකාව

ආසියාවේ ආශ්චර්යය බවට

ගෝලීය අවපාතයෙන් නොසෙල්වුණ අපේ ආර්ථික මුල්ගල

යුද්ධය ජයග්‍රහණයෙන් කෙළවර වීමත් සමගම “ආර්ථික යුද්ධය ද ජයගත යුතුය යන්න මෑතක සිට බොහෝ දෙනාගේ මුවඟ රැව් දෙනු අසන්නට දකින්නට ලැබිණි. එහෙයින් ඉදිරි හය වසර තුළ එකී අභියෝගය ද භාරගැනීමට මම සූදානම්ව සිටිමි. අප රටේ ආර්ථිකය නිදහස්‌ විය යුතු බවද ශක්‌තිමත් වියයුතු බවද දේශීය අනන්‍යතාව රැකෙන පරිදි විනයානුකූලව හැසිරෙමින් ජාත්‍යන්තර මට්‌ටමේ වර්ධනයක්‌ අත්පත්කරගත යුතු බවද මම තරයේ විශ්වාස කරමි. එහෙයින් ඉදිරි වසර හය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීමට මම අපේක්‌ෂා කරමි.

මා මේ රටේ පාලනය බාරගන්නා අවස්‌ථාව වන විට නිදහසින් වසර 57 ක්‌ ගතවී තිබූ අතර ඒක පුද්ගල ආදායම වර්ධනය වී තිබුණේ ඇමරිකානු ඩොලර් 1,000 දක්‌වා ඉතා සෙමිනි. මාගේ පසුගිය වසර 4 ක පළමු පාලන කාලය තුළ එය ඩොලර් 2,000 ඉක්‌ම වූ සීග්‍ර වර්ධනයක්‌ අත්කර ගත්තේය. ඒ දේශීය ආර්ථිකයට හිතකර අන්දමින් ඉහත කී ජාතික ආර්ථික ප්‍රතිපත්තිය මහින්ද චින්තනයට අනුකූලව මවිසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිසාය.

ඒ අනුව ඉදිරි වසර 6 අවසාන වන විට එය ඩොලර් 4,000 දක්‌වා අනිවාර්යයෙන්ම වර්ධනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට මම ඇප කැප වෙමි.

යුද්ධය පැවැති තීරණාත්මක යුගයේ ද සැලකිය යුතු අඛණ්‌ඩ වර්ධන වේගයක්‌ පවත්වා ගැනීමට මා සමත් වූ බැවින් ඉදිරි වසර හය තුළ 8% ක ආර්ථික වර්ධන වේගයක්‌ අඛණ්‌ඩව පත්වා ගැනීමට සියලු පියවර ගන්නෙමි.

නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ බටහිර සහ නැගෙනහිර සියලු රටවල ආර්ථිකයයන් බංකොලොත් වී ගිය අයුරු අපි දුටුවෙමු. අප ද එම ආර්ථික ප්‍රතිපත්තිම කර ගසා ගෙන සිටියේ නම් අපේ ආර්ථිකයද සහමුලින්ම විනාශ වීමට බොහෝ දුරට ඉඩ තිබිණි. අපි කවදාටත් වඩා අද ස්‌ථාවරව සිටිමු. ලෝකයේ වේගවත්ම ආර්ථිකය වර්ධනය සහිත පළමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට “ද ඉකොනොමිස්‌ට්‌” සඟරාව පියවර ගෙන ඇත්තේ ඒ නිසාය. ලෝකයේ සීග්‍රයෙන්ම වැඩෙනා කොටස්‌ වෙළෙඳපොළ අතුරින් දෙවැනි ස්‌ථානය අපට හිමිවූයේ ද එබැවිනි.

ඉදිරියේදී අප හමුවේ දැවැන්ත අභියෝග දෙකක්‌ ඇත. එකක්‌ නම් අපට අහිමි කරවා ඇති ආර්ථික සමෘද්ධිය හා නූතන සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ පොදු මහජනයාට හිමිකර දීමයි. දෙවනුව, දිගුකාලීන තිරසාර සංවර්ධනයකට අවශ්‍ය අඩිතාලම ද සමාන්තරව සකස්‌ කිරීමයි. මෙතෙක්‌ මුහුණ දුන් අභියෝගවලට ආදරය කරමින් ඒවා ජයගත් ආකාරයටම මේ අභියෝග ද ජයගැනීම මගේ පරම අධිෂ්ඨානයයි.

ශ්‍රී ලංකාව – ගෝලීය පංච මහ කේන්ද්‍රයක්‌

අපේ ඉදිරිමහ පිම්මේ ප්‍රමුඛ ඉලක්‌කයක්‌ වන්නේ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් වැදගත් ආර්ථික කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්කර ගැනීමයි. ඒ සඳහා අප රට යළිත් ආසියානු සේද මාවතේ මුතු ඇටය බවට පත්කරවන්නට මම අධිෂ්ඨාන කරගෙන ඇත. රට එහි විශිෂ්ට භූගෝලීය පිහිටීම උපයෝගී කරගෙන බටහිර හා නැගෙනහිර යා කරන නාවුක, ගුවන්, වාණිජ, වෙළෙඳ හා දැනුමේ කේන්ද්‍රයක්‌ ලෙස දියුණු කිරීමට මම පියවර ගන්නෙමි

නාවුක කේන්ද්‍රස්‌ථානයක්‌

එදා පරාක්‍රමබාහු රජතුමාගේ යුගයේ දී මේ කලාපයේ නාවුක බලවතා වූයේ අපේ දේශයයි. අපේ දරුවන්ගේ ලේ නෑයා තුළ ඒ අභීත නැව්පතියන්ගේ, නැව් නිර්මාපකයන්ගේ ලේ උරුමය රැඳී ඇතැයි මම තදින්ම විශ්වාස කරමි. ඒ උරුමය හා ශක්‌තිය පදනම් කර ගනිමින් මුqහුදු සේද මාවතේ නාවුක කේන්ද්‍රස්‌ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමට ඉදිරි දශකය තුළ පියවර ගන්නෙමි. ඒ තුළින් අපේ රට අසලින් යන නැව්වලට සේවාවන් සැපයීමේ මධ්‍යස්‌ථානයක්‌ බවට පත්වීමට අපට හැකි වනු ඇත. එසේම ශ්‍රී ලංකාවේ වාණිජ නාවුක කර්මාන්තයේ විප්ලවයක්‌ ද සිදුවනු ඇත. ලක්‌ෂ සංඛ්‍යාත පිරිසක්‌ පුහුණු නැවියන් කාර්මිකයන්, ආහාර හා පිළිසකර කටයුතු කරන්නන් තෙල් සපයන්නන් ලෙස නව රැකියා මාර්ගවලට පිවිසෙනු ඇත.

ඒ වෙනුවෙන් වන මහා පරිමාණ ව්‍යාපෘතීන්

හම්බන්තොට වරාය

*  සියලු බාධක මැඩගෙන විශාල ආයෝජනයකින් යුක්‌තව 2008 දී අපි හම්බන්තොට වරායේ ඉදිකිරීම් ආරම්භ කළෙමු. මංගල නෞකාව 2012 නොවැම්බර් මාසයේදී එහි සම්ප්‍රාප්ත වනු ඇත.

* මෙම වරාය පිහිටි ස්‌ථානයට නාවික සැතපුම් 10 ක්‌ ඔබ්බෙන් ඇත්තේ ලොව කාර්ය බහුලම ජාත්‍යන්තර මුහුදු වෙළෙඳ මාර්ගයයි.ඒ මුqහුද සේද මාවත. වසරකට ප්‍රධාන වෙළෙඳ නැව් පමණක්‌ 70,000-80,000 ක්‌ අතර ප්‍රමාණයක්‌ නැතහොත් දිනකට නැව් 200 ක්‌ පමණ අප පසු කරන බව මෙතුවක්‌ අමතක කර තිබීම අවාසනාවකි.

*  හම්බන්තොට වරාය ක්‍රියාත්මක වීමත් සමග මෙම නැව්වලින් 10,000 ක්‌ පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එමගින් වසරකට රුපියල් කෝටි 5,000 ක විදේශ විනිමයක්‌ ඉතා පහසුවෙන් ඉපයිය හැකි වනු ඇත. මෙම වරාය නිදහස්‌ වරායක්‌ ලෙස ක්‍රියාත්මක කෙරෙන බැවින් මෙම සංඛ්‍යාව දෙගුණයක්‌ වෙතැයි මම විශ්වාස කරමි.

*  ඒ අනුව බලන විට ත්‍රස්‌තවාදය නිමා කළා මෙන්ම වරාය ක්‍ෂේත්‍රයේ සංවර්ධනයෙන් පමණක්‌ දුප්පත්කමත් සදාකාලිකව අපේ රටින් තුරන් කිරීමේ මගේ අධිෂ්ඨානය නිසැකවම ඵල්පල ගැනAවීමට අප සමත් වනු ඇත.

* හම්බන්තොට, තණමල්විල සහ ඇඹිලිපිටිය වැනි අති දුෂ්කර පළාත් කේන්ද්‍ර කර ගෙන දැනටමත් සකස්‌ වෙමින් පවතින “සංවර්ධන කලාපය” එම ප්‍රදේශවාසීන්ගේ ජීවන ගමන් මග මුළුමනින්ම වෙනස්‌ කරනු ඇත.

දකුණු කොළඹ වරාය

*  පසුගිය වසරේදී ඉදිකිරීම් පටන්ගත් දකුණු කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු 2012 දී ආරම්භ කෙරේ.

*  දැනට කොළඹ වරායට ඇතුළු කළ නොහැකි විශාල ප්‍රමාණයේ නැව් පැමිණීමත් සමග බහාලුම් ධාරිතාව දෙගුණයක්‌ වනු ඇත. ආනයන අපනයන කටයුතු සඳහා ගතවන කාලය අඩු වීමෙන්ද නැව් සමාගම් අතර ඇතිවන තරගයෙන් නැව් ගාස්‌තු පහළ යැමෙන්ද ගමේ ගොවියාගේ අස්‌වැන්න කොළඹට පමණක්‌ නොව විදේශ රටවලටද දින කීපයකින් යෑවීමට හැකි වීමෙන් අති විශාල ආර්ථික වාසියක්‌ රටට මෙන්ම දේශීය ගොවියාට හා ව්‍යවසායකයාට ද උරුම කරදීමට අපට හැකි වනු ඇත.

ගාල්ල සංචාර වරායක්‌ බවට

* ගාලු වරායේ දැනටමත් ඇරඹි ඇති සංවර්ධන කටයුතු ද මෙම වසරේදී නිම කරමි.

*  ජාත්‍යන්තර මුqහුදු මාවතින් ගමන් ගන්නා කිසිදු සංචාරක නෞකාවක්‌ දැනට ලංකාවට නොපැමිණෙන තරම්ය. ඊට හේතුව කොළඹ සංචාරක නෞකා සඳහා ආකර්ෂණීය නොවීමත් ලංකාවේ ඊට සුදුසු පහසුකම් ඇති වෙනත් වරායක්‌ නොවීමත්ය.

*  ඓතිහාසික සංචාරකයන්ගේ නෙත් සිත් බැඳගන්නා ගාල්ල නගරයේ මෙම වරාය වැඩි දියුණු කිරීමෙන් සංචාරක නෞකා මෙන්ම මධ්‍ය පරිමාණ සහ කුඩා ප්‍රමාණයේ සංචාරක යාත්‍රා විශාල ප්‍රමාණයක්‌ ගෙන්වා ගත හැකියෑයි විශ්වාස කෙරේ. වරායෙන් ලැබෙන ආදායම මෙන්ම කීප ගුණයක්‌ සංචාරක කර්මාන්තයේ නියෑලෙන අපේ ඇත්තන්ට ඩොලර්වලින් උපයන්නට ඒ තුළින් හැකි වනු ඇත.

අනිකුත් වරායන්

* ඔලුවිල්, කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය යන වරායන් ත්‍රිත්වයේම සංවර්ධන කටයුතු ආරම්භ කෙළෙමි. ඔලුවිල් වරායේ සංවර්ධන කටයුතු ද මෙම වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙමි. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත සංවර්ධනපුරයේ කටයුතු පවා දැනටමත් ආරම්භකර තිබේ. මේ වරායන් තුනේම මූලිකවම සිදු වන්නේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු සහ සංචාරක ප්‍රවර්ධනයයි. මෙතෙක්‌ වියදම් අධික වූ සහ අනාරක්‌ෂිත වූ ඇතැම් ප්‍රවාහන කටයුතු මුළු රටම ආවරණය වන පරිදි සිදු කිරීමට ඒ අනුව නුදුරේදීම අපට හැකි වනු ඇත.

රැකියා අවස්‌ථා

*  මෙම සංවර්ධන කාර්යය සම්පූර්ණ වන විට පුහුණු නුපුහුණු දෙඅංශයේම සෘජු රැකියා අවස්‌ථා 50,000 ක්‌ නිසැකවම අපේ තරුණයන්ට හිමිවනු ඇත. මෙම ක්‍ෂේත්‍රවලට වඩාත්ම අවශ්‍ය වන්නේ පුහුණු ශ්‍රමිකයන්ය. එබැවින් උසස්‌ පෙළ සහ සාමාන්‍ය පෙළ සමතුන්ට මෙම රැකියා විවෘත කරමි. ඒ සඳහා අවැසි දැනුම සහ පුහුණුව ලබාගත හැකි ක්‍ෂේත්‍ර ගණනාවක පුහුණු පාඨමාලා වෘත්තිය පුහුණු අධිකාරිය හා එක්‌ව දැනටමත් දිවයින පුරා ආරම්භ කර ඇත.

*  ඊට අමතරව ආහාර, නවාතැන් වැනි විවිධ සේවා සැපයීම් ආශ්‍රිතව තවත් ලක්‌ෂ තුනකට පමණ වක්‍ර රැකියා අවස්‌ථා උදාවනු ඇත. සංවර්ධනයේ ප්‍රතිඵල ගමින් ගමටත් ගෙයින් ගෙයටත් පුද්ගලයාගෙන් පුද්ගලයාටත් ගෙන යැමට මා සැලසුම් කර ඇත්තේ එලෙසිනි.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.