මහින්දට තුනෙන් දෙක අහිමි වෙයි

pabbrli
එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවට ඊයේ (22 දා) සිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය අහිමි වී ඇත.
. සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ආණ්‌ඩුවට සහාය දැක්‌වූ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී අමීර් අලි යන මහත්වරු ඊයේ (22 දා) ආණ්‌ඩුවෙන් ඉවත්වීමත් සමඟ මෙසේ බහුතර බලය ආණ්‌ඩු පක්‍ෂයට අහිමි විය.
ඒ අනුව ඊයේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණන (කථානායකවරයා ද සමගින්) 149 කි. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණන 76 කි.
තුනෙන් දෙකක බහුතර බලයක්‌ සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් ගණන 150 කි. මේ අනුව මෙතෙක්‌ කලක්‌ පාර්ලිමේන්තුවේ තිබූ බහුතර බලය ඊයේ සිට ආණ්‌ඩු පක්‍ෂයෙන් ගිලිහිණි.
මේ තත්වය මත මහින්ද රාජපක්ෂ මහතා  මේ වන තුරු වේදිකාවල පැවැසූ  ලෙස විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ හැකියාව පවතින්නේ තමන්ට පමණක් බවට  ගෙන ගිය ප්‍රචාරක කටයුත්ත අවසන් වෙයි. ඔහු පැවසූවේ තුනෙන් දෙක තමන්ට තිබෙන නිසා  ඒ අහෝසි කිරීමේ හැකියාව තමන්ට තිබෙන බවය.
කෙසේ වෙතත් තුනෙන් දෙකේ බහුතරයක් සහිතව වහාම සම්මත කර ගත යුතු පනතක් නැති නිසා  වහාම ගැටළුවක් පැන නගින්නේ නැති වුනත් එය ජනාධිපතිවරයාගේ අභිමානයට බලපාන කරුණක් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.