මහින්දට විශ්වාසභංගයක් ?

ranil wමහින්දට විශ්වාසභංගයක් ?

අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (10) පැවති වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රජාවගේ ජීවන තත්වය නගා සිටුවීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ,

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ සොරකම් කල රුපියල් බිලියන දහසක් පමන මේ වන විට සොයා ගත හැකි වූ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම වත්මන් රජය වෙන්කර ඇති මුදල මෙන් 21 ගුණයක් රාජපක්ෂ ආණ්ඩුව සොරකම් කර ඇති බව දැනට සොයා ගෙන ඇතැයි ද එම මුදල ඉතිරි කිරීමට හැකිවූවා නම් මෙවැනි ව්‍යාපෘති රැසක් දියත් කිරීමට හැකිවන බව ද පෙන්වා දුන්නේය.

තව ද යාපනයේ නිවාස නොසෑදු පසුගිය ආණ්ඩුව මාළිගා ඉදි කිරීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බව ද පැවසීය.

යුධ සමයේ හමුදාව සොයා ගත් රත්තරන් හා අනෙකුත් සොරකම පිළිබද පරීක්ෂණ අවසන් වූ පසු පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සිදුවන්නේ ඇමතිවරයෙකුට නොව මන්ත්‍රීවරයෙකුට විය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!