මහින්ද ඉදිරියෙන් මෛත‍්‍රී  ලුහුබඳී 

Maithree-and-Mahinda

ජනාධිපතිවරණයේ ජය කාටද යන්න පිළිබඳව කළ  විමසුමකින් හෙළි වූයේ දෙපාර්ශ්වයම කරට කර සිටින  බවයි.

 

දැනට තිබෙන තත්වය  අනුව ජනවාරි නම වෙනිදා මීලග ජනාධිපතිවරයා සේ දිව්රුම් දෙන්නේ කව්රුන්ද යන්න තීරණය කෙරන්නේ ඉදිරි දින කීපය තුලදී මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල මෙහයවන අකාරය අනුවයි. මහින්දට හෝ මෛත‍්‍රීට මගේ ජයග්‍රහණය ස්ථිරයි කියා පැත්තකට වී හිඳීමේ හැකියාවක් නොමැත.

කාලාන්තරයක් තිස්සේ තහවුරු කරගත් බලයක් සහ මීට පෙර පහසු ජයග්‍රහණ දෙකකට හිමිකම් කීමේ හේතුවෙන්  මහින්ද රාජපක්ෂ  තරමක් ඉදිරියෙන් සිටින බවක් දක්නට ලැබෙන අතර මෛත‍්‍රීපාල සිරිසේන. ක්‍රමයෙන් පරතරය පියවමින් සිටී.

RURAL L;ANKA

 

සිංහල ග්‍රාමීය ඡන්දදායක බල කොටුව

 

නමුත් පරතරය පියවූ පමණින් මෛත‍්‍රීපාල සිරිසේනට ජයග්‍රහණය හිමිවන්නේ නැත. ඒ සඳහා මහින්ද රාජපක්ෂ ගේ බල කේන්ද්‍රය වන සිංහල ග්‍රාමීය ඡන්දදායක බල කොටුවට කඩාවැදී සැහෙන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතුය.

අනෙක් අතට මහින්දට තමන්ගේ බලය පවත්වා ගෙන යාමට අවශ්‍ය නම් මෛත‍්‍රී තමන්ගේ සිංහල ග්‍රාමීය ඡන්දදායක බලකොටුව තුලට කඩා වැදීම වලක්වා ලිය යුතුය.

මේ වන විට මුස්ලිම්, නැගෙනහිර සහ උතුරු දෙමළ සහ කඳුකරයේ දෙමළ ඡන්ද ලබා ගැනීම අතින් මෛත‍්‍රීට වැඩි වාසියක් ඇත.

අනෙක් අතට  නාගරික සහ උප නාගරික  සිංහල ඡන්දදායකයින් අතරේත් මෛත‍්‍රීට වාසිදායක තත්වයක් ඇත.

මේ අනුව අනුමාන ගනන් ගැනීමක් කලහොත් සිංහල  බහුතරයක් ඇතුලත් වන එක්සත් ජාතික ඡන්ද පදනමත් සුළු ජාතික න්ද පදනමත් එකට එක් කල විට මෛත‍්‍රීට කළයුතුව ඇත්තේ පාවෙන  ඡන්ද වලින් කොටසක් ලබා ගැනීම පමණි.

එහෙත් වැඩේ හිතන තරම් පහසු නැත.

VOTERS

 පාවෙන ඡන්ද නැත

මන්දයත් දැන්  පාවෙන්නට  ඡන්ද ඉතිරිවී නැත. එහෙයින් මෛත‍්‍රී   සවිවර වී ඇති මහින්ද රාජපක්ෂ ගේ සිංහල ග්‍රාමීය ඡන්ද පදනමෙන් ඡන්ද උගුල්ලා ගත  යුතුව ඇත.

මෙය කල හැකිද නැද්ද යන්න මත ජනාධිපති ජයග්‍රහනය තීරණය වනු ඇත. කෙළින්ම යුද්ධයෙන් බැට කෑවත් නැතත් යුද්ධය හමාර කිරීම ගැන සිංහල ඡන්දදායකයින් තුල මහින්ද පිළිබඳව ඇත්තේ කෘතවේදී බවකි.

නාගරික මධ්‍යම පාන්තික සිංහලයින් ‘යුද්ධය හමාර කළා තමයි එත් පොලිය වැඩියි ‘කියන්නට පටන්  ගෙන් ඇතත් ග්‍රාමීය ඡන්දදායකයාට මහින්ද යනු තාමත් වන්දනීය චරිතයකි.

මහින්දට මේ ග්‍රාමීය බල කොටුව රැක ගන්නා ගමන්  මෛත‍්‍රීට වඩා  වාසිදායක නාගරික සිංහල සහ සුළු ජාතික  පදනම් වලින්  ඡන්ද ටිකක් අහුලා ගැනීම  සඳහා තම ප්‍රචාරන වැඩපිළිවෙල මෙහයවීමට සිදුවෙනු  ඇත.

මේ  සදහා බලපාන  සාධක පිළිබඳව සලකා බලන විට දෙපාර්ශවයම කරට  කර සිටින තත්වයක් දක්නට ලැබේ.

 

HE meeting mulativu crowd 3

 

 

රැස්වීම් – සාමාන්‍යයෙන් දෙපර්ශවයම දිනකට රැස්වීම් පහක් පමණ පවත්වන අතර ජනාධිපතිවරණය වන විට දෙදෙනාටම

සාර්ථක රැස්වීම් වටයක් පැවැත්වීමට හැකිවෙනු  ඇත.  ජනාධිපතිවරයාගේ රැස්වීම් වලට සෙනග බස්වලින් ගෙන්වන බවක් පෙනෙන්නට තිබේ.එහෙත් ඒ මගින් තමන් තාමත් ප්‍රබලයෙක් යැයි ඒත්තු ගැන්වීමේ හැකියාව මහින්දට ලැබී ඇත.වැස්සෙන් රැස්වීම් වලට බාධා සිදුවෙන බවක් පෙනෙන්නට තිබේ.

පිල්මාරු– චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පිල් මාරු ගැන තිබු විශ්වාශය බිඳ ව්ටෙමින් පවතී.  පොදු අපේක්ෂක පිලට පිරිස් කැඳවා ගැනීමට නම් මෛත‍්‍රීට පැහැදිලිව ජයග්‍රහණය කල හැකිය යන්න ඒත්තු ගැන්විය යුතුව ඇතත් එසේ කිරීම අසීරු වී ඇත. කෙසේ වෙතත් හුදු මුදල් වලට සිදු වෙන පිල් මාරු දෙපැත්තටම සිදුවිය හැකිය.

ප්‍රචණ්ඩ ක්‍රියා– මේ වන විට  කැෆේ මැතිවරණ නිරීක්ෂකයින්ට පැමිණිලි හාරසීයක් පමණ ලැබී ඇත. මේ ප්‍රහාර වැඩි වශයෙන්  පොදු අපේක්ෂක පිළට එල්ල වී ඇත්තේ ග්‍රාමීය ම්ට්ටමේදීය. මෛත‍්‍රීට ගම කරා ප්‍රවේශ වීමට ඉඩ නොදීම සඳහා භාවතා කෙරෙන උපක්‍රමයක් ලෙස ප්‍රචණ්ඩ ක්‍රියා භාවිතා කිරීමට ඉඩ ඇත.අනෙක් අතට තත්වය අවාසි වෙතොත් සක්‍රීය ලෙස හමුදාවට මැදිහත් වීමට ඉඩ සලසන වැඩපිළිවෙලක් ඇති බව විපක්ෂය කියතත් ඒ බව තහවුරු කෙරෙන සාක්ෂි ඉදිරිපත් වී නැත.

මැතිවරණ ක්‍රියාදාමය–  විපක්ෂය උපක්‍රමශීලී ලෙස මැතිවරණ කොමසාරිස් වරයා දැඩි පීඩනයකට ලක් කරමින් සිටී.මෛත‍්‍රී  කියන්නේ තමන්ට මැතිවරණ කොමසාරිස්වරයා විශ්වාස බවයි.එහෙත් එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය මැතිවරණ කොසාරිස්වරයා ගේ ක්‍රියා කලාපය ප්‍රශ්ණ කරමින් සිටී.තමන් යමක් කරමින් සිටින බව පෙන්නුම්කිරීමට මැතිවරණ කොසාරිස්වරයා උත්ස්සහ කලත් රාජ්‍ය බලය හමුවේ ඔහු අසරණා වී ඇති බක් පෙනේ.කෙසේ වෙතත් ඔහු ඒ බව පිළිගැනීමට සුදානම් නැත.එහෙයින් ජාත්‍යන්තර මැදිහත්වීමක් දක්වා මේ ප්‍රශ්නය දුර දිග යාමට ඉඩ තිබේ.

මාධ්‍ය-රාජ්‍ය මාධ්‍ය ව්‍යාප්තිය අතින් පුළුල් වුවත් බලපෑම  සහ විශ්වසනීයත්වය අතින් දුර්වල වෙමින් පවතී..පුද්ගලික මාධ්‍ය නාලිකා ආණ්ඩුවෙන් දැන්වීම් ලබාගන්නා නමුත් ක්‍රමයෙන් පොදු අපේක්ෂකයාට බර වෙමින් පවතී.එහෙත් තාමත් දෙපාර්ශවයම කරට කර සිටින හෙයින් තමන් සමබර යැයි පෙන්න්නුම් කිරීමට උත්සාහ දරති.

මේ අතරවාරේ දැනට බලා නොපවත්වන නමුත් ඉදිරිය්දී ඇතිවෙන අහඹු සිදුවීමකින් සියල්ල නොසිතු ආකාරයකින් වෙනස්වීමටත් ඉඩ ඇත.

 

ජනාධිපතිවරණයේ ප්‍රතිපල එසැනින්- පිවිසෙන්න http://sinhala.lankanewsline.com- ජනවාරි 8 වෙනිදා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.