මහින්ද කොටි සංවිධානය දඩමීමා කරගෙන ඡන්දය දිනන්න හදනවා- මෛත්‍රීට සහය දෙන්න-ආනන්ද සංගරී

 

 

 

 

sangaree

 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොටි සංවිධානය දඩමීමා කරගෙන ඡන්දය දිනා ගැනීමට තැත් කරන් හෙයින් වෙනසක් ඇති කර ගැනීමට උත්සාහ කරන හෙයින් දන් වෙනසක්

දෙමළ එක්සත් පෙරමුණේ නායක වී ආනන්දසංගරී මහතා අද(22)යාපනයේදී පැවසීය.

‘ කොටියා අද නැති බව යථාර්තයක් .කොටියාගේ කොන්ද කඩලා.පසුගිය අවුරුදු පහේදී උතුරු නැගෙනහිර වෙඩි හඬ ඇහුණේ නෑ.කොටි සංවිධානයේ මුලුත් ගලවා ඉවරයි.ඒත් මහින්ද කොටියා අල්ලාගෙන සිටිනවා.දෙමළ ජනයාට ඔහු අසාධාරණකම් කරනවා.අද අපිට වෙනසක් ඕනෑ.‘ යැයි වී ආනන්දසංගරී මහතා ප්‍රකාශ  කළේය.

පොදු  අපේක්ෂකයාට සහයෝගය දිය යුත්තේ ඇයි දැයි මාධ්‍යවෙදියෙකු ප්‍රශ්නයක් නැගු විට මෛත්‍රීට සහාය දිය නො යුත්තේ ඇයි දැයි  ඔහු ප්‍රශ්න කළේය.

‘ඒකාධිපතිවාදය මුලින්ම නැති කළ යුතුයි.එවිටයි අපිට නිදහසේ හුස්ම ගන්න පුළුවන් යැයි’.දෙමළ එක්සත් පෙරමුණේ නායක වී ආනන්දසංගරී මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ආනන්දසංගරී මහතා  කොටි සංවිධානය ප්‍රබලව සිටි කාලයේදීම එහි ක්‍රියාකලාපය  ප්‍රශ්න කල නායකයෙකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.