මහින්ද ගේ ලියුම් ලක්ෂ දෙකක් තැපෑලේ හිරවේ

Sri_Lanka_Post_logo

මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ රුව ඇතුළත් තැපෑලෙන් යැවෙන ප්‍රචාරක පත්‍රිකා තොගයක් තැපැල් කිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගයෙන් නතර කොට තිබේ.

මුද්දර ඇලවීම සඳහා යුද හමුදා සෙබළුන් යොදා  ගත් බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්‍ෂ ශාන් විජේතුංග කියා සිටී.

මධ්‍යම තැපැල් කාර්යාලය තුළ යුද හමුදා සෙබළුන් යොදා  මුද්දර ඇලවීම සිදු කෙරුණ  බවට නැගෙන  චෝදනාව තැපැල්පති රෝහණ අබේරත්න  ප්‍රතික්ෂේප කළේය.

ජනපතිවරණයේ පොදු දේපොළ අයථා ආකාරයට පරිහරණය කිරීම නිරීක්ෂණයේ යෙදෙන ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය එල්ල කරන  චෝදනාව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ප්‍රතික්ෂේප කරයි .

‘මධ්‍යම තැපැල් හුවමාරුව ඔස්සේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බෙදා හරිනු ලබන්නේ, යුද හමුදාව සාම්ප්‍රදායිකව සිදු කෙරෙන සන්නිවේදන ක්‍රියාවලියේ එක් පියවරක් පමණයි’ හමුදා  එම චෝදනා බැහැර කරමින් කියා සිටියේය.

“සේනාධිනායකයාගේ ඡායාරූපය පළ වූ පමණින් එය දේශපාලන මතවාදයක් ප්‍රචාරය කිරීමට පළ කෙරෙන්නක් යයි මතවාදයක් ප්‍රචාරය කිරීමේ කිසිදු සාධාරණත්වයක් නැහැ’යැයි

යුද හමුදා  ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසයි.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.