‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ -නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට එකඟයි

 mahinda mani

සම්පුර්ණ ප්‍රතිත්පති ප්‍රකාශනය මෙතැනින් කියවන්න

සමාජයේ සියලු පාර්ශවවල සහයෝගය ඇතිව නව ව්‍යවස්ථා සංශෝධනයකටද යන බව ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

සමාජයේ සියලු පාර්ශවවල සහයෝගය ඇතිව නව ව්‍යවස්ථා සංශෝධනයකටද යන බව ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

යුද්ධය අතරතුර මානව හිමිකම් කඩ වී ඇත්නම් දේශීය අධිකරණ ක්‍රමවේදයක් හරහා යුක්තිය ඉටු කිරීමටත්  ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් පොරොන්දු වී ඇත.

පොදූ අප්ක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද මේ හා සමාන පොරොන්දුවක් දක්නට ලැබේ.

mahindamani4

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පසුගිය ජුලි මාසයේදීද දේශීය පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපතිවරයා නියෝග කළේය.

ජුලි පැවැත්වීමට නියෝග කළ එම දේශීය පරීක්ෂණයේත් ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ නව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් දේශීය පරීක්ෂණයේත් වෙනස පැහැදිලි නැති බව ප්‍රංශ පුවත් සේවය පවසයි.

 

manimahin6

නව දේශපාලන සංස්කෘතියක් , මාධ්‍ය නිදහස සහ  යුද අපරාධ පරීක්ෂණයක් සඳහා වන ජාත්‍යන්තර පීඩනය පරාජය කිරීම  ජනාධිපතිවරයා  පොරොන්දු අතරේ වෙයි.

‘හාමුදුරුවනේ එක කැසිනෝ බලපත්‍රයක් නොදුන් අතක්, එක බාර් ලයිසන් එකක් නොදුන්න දෑතක් තමයි මට තියෙන්නේ කියලා මම ආඩම්බරයෙන් කියනවා’  යැයි

ජනාධිපතිවරයා පැවසුවේය.

 

mahinda mani1

 

සජීවී විස්තර ප්‍රචාරය-මුල් කොටසේ බාධාවක්  ඇත මඳක් ඉවසන්න

[vsw id=”/V_GD3k7bMzQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.