මහින්ද විශ්වාශයෙන්

mahindara

පසුගිය දා ජනමාධ්‍යවේදීන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීම සඳහා අරලිය ගහ මන්දිරයට ගිය අතර එහිදී ජනාධිපතිවරයා දැඩි ආත්ම විශ්වාසයකින්
හා සැහැල්ලුවකින් කටයුතු කටයුතු කරන අකාරයක් දක්නට ලැබුණු බව හමුවට ගිය මාධ්‍යවේදීන් වැඩිදෙනාගේ මතය විය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිප්‍රචාරණ වැඩපිළිවෙල hard sell හෙවත් දැඩි ස්වරූපයක් ගන්නා බවක් දක්නට ලැබේ.

දැවැන්ත ජන රැලි,කටවුට් ,මාධ්‍ය දැන්වීම් , සංග්‍රහ සහිතව අරලිය ගහ මන්දිරයේ කණ්ඩායම් වලට පවත්වන රැස්වීම් ආදිය තුලින් දැවැන්ත ප්‍රතිරූපයක්.

mahindav

මවා ගනිමින් ප්‍රතිවාදියා අඟුටු ම්ට්ටෙක් කිරීම මහින්ද රාජපක්ෂ ගේ උපක්‍රම වන අතර ඊට අවශ්‍ය සම්පත් තමන් වෙත ඇති බව ඔහු දනී.
කෙසේ වෙතත් මානව සම්පත් පිළිබඳව ගැටළුවක් පන නැගීමට ඉඩ ඇත.බලතුලන ය පිළිබඳව පැහැදිලි අදහසක් නොමැති හෙයින් ඇමතිවරු සහ මන්ත්‍රීවරු කී දෙනෙක් පැහැදිලිවම ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත්වේද යන්න පිළිබඳව සැකයක් පවතී.එසේම ප්‍රචාරණ කණ්ඩායමේ රහස් ප්‍රතිවාදීන් වෙත හෙළිදරව් වීමේ ගැටළු මතුවී ඇත.පාර්ලිමේන්තුව අසල පිහිටි අපේ ගම ගොඩනැගිල්ලේ දිනපතා රැස්වී උදේ අහාර ගනිමින් සැලසුම් සම්පාදන කළ පිරිසේ එක අයෙක් හෝ කීප දෙනෙක් ප්‍රතිවාදී පිළ වෙත රහස් ලබා දීමේ තොරතුරු අනාවරණය වීමේ හේතුවෙන් ප්‍රචාරණ වැඩපිළිවෙල යම් තරමකට වෙනස්
කිරීමට හේතු වී ඇති අතර විශ්වාසය පිළිබඳව ගැටළු මතුවී ඇත .

රුප වාහිනී සංස්ථාවේ හිටපු සභාපති නිව් ටන් ගුණරත්න යළි කැඳවා ඇති අතර දැනට විදේශයන්හි තානාපති තනතුරු දරන තිසර සමරසිංහ, ලක්ෂ්මන් හුළුගල්ල ,බන්දුල ජයසේකර,වසන්ත ක්‍ර්නාගොඩ සහ උදයංග වීරතුංග ප්‍රචාරණ වැඩපිළිවෙල සඳහා ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇත.

 

 

mahindacutout
මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ යනු හැමදෙනාම හොදීන් දන්නා නමකි.කෙළින්ම දේ ශපාලනය හා සම්බන්ධ නොවන ග්‍රාමීය ජන තාව අතරේ තාමත් ජනප්‍රිය නමකි. මේ නිසා රාජපක්ෂ ජනාධිපතිවරන වැඩ පිළිවෙලේ ඉලක්කය වන්නේ තමන්ට වාසිදායක ග්‍රාමීය බල ප්‍ර දේ ශ වල පවතින ඡන්ද පදනම රැක ගැනීමයි.

මතු වී තිබෙන අභියෝග හේතුවෙන් දේශාපාලන වශයෙන් වඩාත් දැනුවත් තීරු සහ සුළු ජාතීන් ගෙන් ලැබෙන ඡන්ද වල අඩුවක් සිදුවුනත් ග්‍රාමීය ඡන්ද පදනම ආකර්ෂණය කර ගැනීම තුලින් ජයග්‍රහණය තහවුරු කරගත් හැකි වෙතැයි මහින්ද රාජපක්ෂ කල්පනා කරන බවක් පෙනෙන්නට තිබේ.මේ ග්‍රාමීය ජන කොටස් ආකර්ෂණය කර ගැනීම සඳහා දැවැන්ත සහ ආදරණීය ප්‍රතිරූපයක් මැවෙන අකාරයේ ප්‍රචාරණ ප්‍රවේශයක් කරා යොමුවුවා සේම ඊට සරිලන සේ කටයුතු කිරීමටත්  රාජපක්ෂ පසුබට නොවනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

One thought on “මහින්ද විශ්වාශයෙන්

  • December 9, 2014 at 6:19 pm
    Permalink

    Campaign eke rahas thorathuru podu apekshakayata denne kawuda kiyala api dannawa. Kavuda ithin ara rupavahini, ITN ekata nitharama awilla Rajapaksha aanduw honda genama katha karan arthikavidya mahacharyawaraya thamai.

    Reply

Leave a Reply

Your email address will not be published.