මහින්ද සහ චන්ද්‍රිකා කණස්සල්ලෙන්

 

chhhandrik

 

තමන්ගේ දේශපාලන හිතවතුන් හැසිරෙන ආකාරය පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා  කුමාරතුංග ප්‍රසිද්ධියේම දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ඔවුන්ට සමීප  ආරංච් මාර්ග වලින් හෙළිදරව් වී තිබේ.

මේ කණස්සල්ලට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ පිල් මරුවයි.

පසුගියදා  ජනාධිපතිනි චන්ද්‍රිකා  කුමාරතුංග තමන් සමග දැනට එක්ව සිටින වාමාංශික නායකයෙකුට කියා සිටියේ මහින්ද රාජපක්ෂ පරිපාලනය ගැන හඬා වැටෙමින්

‘මැඩම් මොනවා හරි කරන්නකො ‘යැයි හඬා වැටුණු පිරිස් දැන් දුරකථන ඇමතුමකට පවා පිළිතුරු නොදෙන බවයි.තමන්ගේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට එනවා වෙනුවට

එහා පැත්තට යන බවඉඟි කොට මේ පිරිස් ආණ්ඩුවෙන්  වාසි ලබා ගන්නා අකාරය පිළිබඳව ඇය කථා කොට ඇත්තේ දැඩි වේදනාවකිනි.

නිරන්තරයෙන්ම මහින්ද රාජපක්ෂ  ගැනපැමිණිලි  කළ වයඹ පළාතේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රබලයෙක් පසු ගිය දා පවසා තිබුනේ තමන්ට  අගමැතිකම ලැබුනොත් එය භාර ගැනීමට තමන් සුදානමෙන් සිටින බවයි.

පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික බලකණු සේ සැලකෙන  දිමු ජයරත්න, රත්නසිරි වික්‍රමනායක,එස් බී නාවින්න සහ ඒ එච් එම් ෆාවූසි මහින්ද සග වැඩ කරගෙන  යන අතර

ජනාධිපතිනි චන්ද්‍රිකා  කුමාරතුංගට ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය තුල සැබෑ ඉල්ලුමක්  ඇත්ද යන ප්‍රශ්නය මතුවී  තිබේ.

පිල් මාරු  සඳහා ඉහළ අගයක් දෙන  දේශපාලන වැඩ පිළිවෙලකට හිටපු  ජනාධිපතිනි චන්ද්‍රිකා  කුමාරතුංග යොමු වුනේ ඇයට ලැබුණු විශාල පොරොන්දු ප්‍රමාණය මතයි.

එහෙත් දැන් ඒ පොරොන්දු වලින් සමහරක් කඩවුණු පොරොන්දු බවට පත්වී  ඇති බව පැහැදිලිය.

 

mahindahgyr

ජනාධිපති මහින්ද රාජපක්ෂ

 

පිල් මාරුව සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද  රාජපක්ෂ බලවත් සේ කලකිරීමට පත්වීඇත්තේ තමන්ගේ අගය පෙන්නා වැසි ලබා ගැනීමට තැත් කරන මන්ත්‍රීවරුන් පිළිබඳවයි.

මේ වනවිට පියසේන ගමගේ, ජනක බණ්ඩාර තේන්නකෝන්,රෙජිනෝල්ඩ් කුරේ, මර්වින් සිල්වා,විදුර වික්‍රමනායක වන මන්ත්‍රීවරුන් කීප දෙනෙකුම තමන්ට අකටයුතු කම්

සිදුවී ඇති බව ප්‍රසිද්ධියේම පවසා ඇත.

පසු ගියදා ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියක් රැගෙන විපක්ෂයට එක්ක වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී අමීර් අලි සම්බන්ධයෙන් තමන් රැවටිල්ලකට අසු වූ බව ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම පිළිගත්තේය.

දැනට ජනාධිපතිවරයා වෙනුවෙන් කටයුතු කිරීමට සහ පෙනී සිටීමට ඉදිරිපත් වී සිටින්නේ ඇමතිවරුන් කීප දෙනෙක් පමණි. අනුර ප්‍රියදර්ශන යාපා,ඩලස් අලහප්පෙරුම,සහ එස් බීබේ දිසානායක වැනි එකම මුහුණු නිතර පෙනෙන්නේ එහෙයිනි.

මුදල් රැගෙන ඒවා ප්‍රචාරණ කටයුතු සහ වියදම් නොකරන සංවිධායකයින් පිළබඳව ගැටලුවකටත් ජ නාධිපත්වරයාට මුහුණ දීමට සිදුව ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ තම හිතවතුන්ට අත  දිග හැර විවිධ වරදාන ලබදෙන බව ප්‍රසිද්ධ  රහසකි එසේ තිබියදී මේ තීරණාත්මක අවස්ථාවේදී තමන්ගෙන් අයුතු වාසි  ලබා ගැනීමට  උත්සාහ දරන්නන් , කර අරින්නන් මෙන්ම තමන්ට හිතවත් සේ පෙන්නා එහා පැත්තට මාරු විය හැකි පිරිස් පිළිබඳව ජනාධිපතිවරයා කලකිරීමට පත්ව සිටී.

මේ තත්වය  හමුවේ මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරන ප්‍රචාරණ වැඩපිළිවෙල හොඳ හිතට වඩා මුදල් මත පදනම්වූ තමන්ම තමන්ගේ හොරනෑව පිබිණ එකක් බවට පත්ව ඇත.

වාසනාවකට මෙන් මහින්ද රාජපක්ෂගේ  මුදල් උල්පත තාමත් වියළී ගොස් නැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා  කුමාරතුංගත් තමන්ද නිර්මාණය කිරීමට දායක වූ දේශපාලන සංස්කෘතියක ගොදුරු වී සිටිති.

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.