මාතර ඉන්ෆ්ලුවෙන්සා පහව යන ලකුණු!

මාතර දිස්ත්‍රික්කයේ පැතිරී පවතින ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළදුණු  රෝගීන් ගණනෙහි අඩුවීමක් දක්නට ලැබනෙ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අද (04) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. වැළදෙන වෛරස් තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් මිලියන 30 ක වියදමින් කරාපිටිය දැඩි සත්කාර ඒකකයට ළදරු ඇඳන් ඇතුළු උපකරණ මිලදී ගැනීමට කැබිනට් පත්‍රිකාවක් මගින් අවසර දී ලබා දී ඇති අතර මෙම වෛරස් තත්වයේදී ලබාදෙනු ලබන එන්නත ගෙන්වීම සම්බන්ධයෙන් තාක්ෂණික වශයෙන් තීරණයක් ගැනීමට කටයුතු කරන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

මේ අතර වෛරසය පැතිරී යාම වැලැක්වීම සඳහා ඉදිරි සතිය තුලද පෙර පාසැල් වසා දැමීමට තීරණය විය.

මාතර දිස්ත්‍රික් පෙරපාසල් පදනමේ සභාපති සරත්ද සිල්වා මහතා විසින් දිස්ත්‍රික්කයේ සියලු පෙරපාසල් නියෝජිතවරියන් සමග සාකච්ඡා කොට මෙම තීරණය එළඹ තිබේ.

මේ අතර එම රෝගය වැළදෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා A වෛරසයෙන් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය සොයා ගෙන ඇත.

වාර්තා පෙන්වා දෙන ආකාරයට මේ වන විට දරුවන් 13 ක් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් රෝගය නිසා මිය ගොස් තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.