මැතිවරණ දුෂණ මැඩලීමට ක්‍රියාකාරී සැලැස්ම සුදානම් -විජේදාස රාජපක්ෂ

 

chaandapathrikaa

 

මැතිවරණ ප්‍රතිපලයට බලපෑමක් සිදුවෙන ලෙසින් නීති විරෝධී යමක් සිදු වේ නම් එවැන්නක් මැඩලීමට විපක්ෂය වැඩපිළිවෙලක් යොදා ඇතයි  පලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ඉදිරිය  පුවත්පතට කියා සිටියේය.

 

සෑම ඡන්ද පොළකම කටයුතු නීරික්ෂණය කිරීම සඳහා දිවා රෑ ක්‍රියාත්මක වෙන තිස් හතර දෙනෙකුගේ කණ්ඩායමක් ගොඩ නගා ඇති බවයි විජේදාස රාජපක්ෂ හෙලිදරව් කරන්නේ.

ඡන්ද පොළ, ගණන් කිරීමේ මධ්‍යස්තානය සහ තේරීම් භාර නිලධාරීන් සහ ප්‍රතිපල නිකුත් කරන ස්ථාන අධීක්ෂණය කිරීම සඳහා වැඩපිලිවෙලක් යොදා ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

මැතිවරණ ක්‍රියාදාමය තුල හමුදාවට මැදිහත් වීමට ඉඩක් නැතත් මේ වන විට පොලොන්නරුව ප්‍රදේශයේ ජනාධිපතිවරයාගේ නියෝග මත පොළොන්නරුව දිස්ත‍්‍රික්කය තුළ පොලිස් විශේෂ කාර්ය බලකා සහ හමුදා ඛණ්ඩ 7ක් රදවා භීෂණකාරී තත්ත්වයක් ඇති  කොට  ඇතැයි  තමන්  මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි  කල බව විජේදාස රාජපක්ෂ කියා සිටියේය.

එම පැමිණිල්ලේ දැක්වෙන පරිදි විශේෂ කාර්ය බලකායේ භට කණ්ඩායම් රදවා ඇති ස්ථාන මෙසේය.
මැදිරිගිරිය පන්සල
හිඟුරක්ගොඩ සේනානායක පන්සල
මනම්පිටිය ප‍්‍රතිභා ශාලාව
පුලතිසි නිකේතනය
අරලගංවිල 7 කණුව
හමුදා භට කණ්ඩායම් රඳවා ඇත්තේ රාජකීය විද්‍යාලය සහ මොණරතැන්න වැලිකන්ද පන්සල යන ස්ථානවලය.
මීට අමතරව මේ වන විට හමුදා භට කණ්ඩායම් රාශියක් මහාමාර්ගවල ජංගම නිරීක්ෂණ සංචාර සිදුකරමින් සිටින බවත් මෙම තත්ත්වය උතුරේ යුද සමයේ පැවැති භීෂණකාරී තත්වයට සමාන බව විජේදාස රාජපක්ෂ  පෙන්වා දුනේය.

ජනතා පෙළ ගැසීමට බිය වී  සිටින ආණ්ඩුව මර්ධනකාරී ලෙස කටයුතු කරන නමුත් ජනතා නැගිටීම යටපත් කල නොහැකි බව විජේදාස රාජපක්ෂ වැඩි දුරටක් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.