මැතිවරණ පොලිස් බලඇණි මැ කො යටතට ගන්න-FRIDAY FORUM

 

 

සාවිත්‍රී ගුණසේකර
සාවිත්‍රී ගුණසේකර

සාධාරණ සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම  සඳහා මැතිවරණ දිනයේ යොදවනු ලබන සියළුම පොලිස් බල ඇණි මැතිවරණ කොමසාරිස් යටතට පත්කර  ගන්නැයි විද්වතුන් ගේ සමුහිකයක් වන FRIDAY FORUM මැතිවරණකොමසාරිස් මහින්ද දේශප්‍රිය ගෙන් ඉල්ලා සිටි.

කැරළි මර්ධන බල ඇණි 152 කක්  ජනාධිපත්වරණ දිනයේ  සේවයට යෙදවීමට නියමිත අතර මෙම ක්‍රියාන්විතයේ අරමුණ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වන හෙයින් මේ පිරිස් මැතිවරණ කොමසාරිස්වරයා වෙතින් නියෝග ලබා ගැනීම වඩාත් සුදුසු බව විද්වත් පිරිස පෙන්වා දෙති.

FRIDAY FORUM
FRIDAY FORUM

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් ජයන්ත ධනපාල කොළොඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිනි මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර සහ ශාන්ති ඩයස් ගේ අත්සනින් යවන ලද ලිපියකින්  ජනාධිපතිවරණයට පෙර පොලිස් නිලධාරීන් මෙන්ම ඡන්දදායකයින් ද ඡන්ද දුෂණ සිදුවිය හැකි අවස්ථා පිළිබඳව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටී.

අක්‍රමිකතා සිදුවේ නම් වහාම ඊ  මේල් මගින් ඉංග්‍රීසියෙන්, දෙමලෙන් හෝ සිංහලෙන් අදාල හඬ පට සහ ඡායරූපමය සාක්ෂි  සමගින් මැතිවරණ කොමසාරිස්වරයා වෙතට තොරතරු වාර්තා කිරීමටත් ඒ ලැබෙන තොරතුරු පිළිබඳව නිරන්තර අවධානය යොමු කොට අවශ්‍ය පියවර සම්පාදනය කරන්නැයි FRIDAY FORUM මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියයට දන්වා ඇත.

සිද්ධි ක්ෂණිකව වාර්තා කල හැකි දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කරන මෙන්ද මෙම විද්වතුන් පිරිස ඉල්ලා සිටිති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.