මැයි 31ත පෙර වැටුප රු.500 නොකලොත් නැවතත් සටන්

railසිය දෛනික වැටුප රුපියල් පන්සියය දක්‌වා වැඩිකර අදාළ වැටුප මැයි 31 වැනිදාට පෙර ගෙවීමට ක්‍රියා නොකරන්නේ නම් එදින සිට යළිත් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව අනාරක්‍ෂිත දුම්රිය ගේට්‌ටු සේවකයන්ගේ සංගමය කියා සිටී.

ඊයේ (31 වැනිදා) දියත් කළ වැඩවර්ජනය සාර්ථක වූ බවද අනාරක්‍ෂිත දුම්රිය ක්‍රියාකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

2013 වසරේ සිට දුම්රිය ගේට්‌ටු ක්‍රියාකරවන්නන් ලෙස සේවයට එක්‌වූ තමන්ට දිනකට ගෙවන රුපියල් 250 ක මුදල ප්‍රමාණවත් නොමැති බවත් ඒ වැටුපද 31 වැනිදා වන විට නිසි පරිදි නොගෙවන බවත් ඔවුහු කියා සිටිති.

ඒ අනුව දෛනික වැටුප රුපියල් 500 දක්‌වා වැඩිකර නියම දිනට වැටුප් ගෙවන බවට ලිත පොරොන්දුවක්‌ දී ක්‍රියාත්මක කරන තුරු සටන අත් නොහරින බව එම සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් නිමල් චන්ද්‍රසිරි මහතා මාධ්‍යට කියා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!