මැ කො ගංවතුරට සුදානම්

amazing_fun_ecology

අයහපත් කාලගුණික තත්ත්වයට මුහුණ දීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සුදානම් වෙමින් සිටී.

ඒ අනුව ගං වතුර හා නායයෑම්වලින් අවතැන්ව ඇති ඡන්ද දායකයන්වෙනුවෙන් වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම  තේරීම්භාර  නිලධාරීන්ට නියෝග කොට තිබේ.

floodsfgd

අවතැන් කඳවුරුවල ඡන්ද ‍පොළවල් පිහිටුවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසද මැතිවරණ කොමසාරිස්වරයා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් ලබාදී  ඇත.
ජල ගැලීම් හා නායයෑමේ සිද්ධීන් වාර්තා වෙන ඡන්ද බල ප්‍රදේශයන් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම හා ඡන්ද ‍පොළ නිලධාරීන් ප්‍රවාහනය කිරීමසඳහා නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමට සැලසුම් කර තිබේ.

 අඩු පීඩන කලාපය

floofds

වායුගෝලයේ පැවති  අඩු පීඩන කලාපය දිවයිනට ගිනිකොන දෙසින් තවදුරටත් ස්ථාපනය වී පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියි. මෙම පද්ධතියේ බලපෑම මත දිවයිනට වැසි ලැබීමේ හැකියාව ඉහලය.

විශේෂයෙන්ම නැගෙනහිර, ඌව,මධ්‍යම, උතුරු මැද  සහ වයඹ  පළාත් පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථාන වලට තද වැසි ( මි.මී.100 ට වැඩි) ඇතිවිය හැකි බවයිය.

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා විටින් විට (පැ.කි.මී. 60-80 පමණ දක්වා) තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.