මියගිය බව පැවසු කොටි පරිඝනක ශිල්පියාට තමිල්නාඩුවේදී නිදහස

යුද හමුදා බුද්ධි අංශය විසින් පැහැරගෙන ගොස්‌ ඝාතනය කර පුලුස්‌සා දැමුවැයි කියූ කොටි සංවිධානයේ වන්නි ටෙක්‌ පරිගණක ආයතනයේ ප්‍රධානි තයාපරරාජා කදිරවේල් තමිල්නාඩු රජය විසින් නිදහස්‌ කර ඇත.

මේ පුද්ගලයා සිය පවුලේ අය සමඟ තමිල්නාඩුවේ මණ්‌ඩපම් කඳවුරේ සිටි බව තමිල්නාඩු බලධාරීන් විසින් හෙළිකර තිබුණි.

කොටින්ගේ ටොසී බුද්ධි සේවාවට සම්බන්ධ වන්නි ටෙක්‌ ආයතනය බුද්ධි සේවා කටයුතුවල නිරත වී තිබුණි.

2009 සැප්තැම්බර් 24 වැනිදා යුද හමුදාව තයාපරන් නමැත්තා පැහැරගෙන ඔහුට වධහිංසා පමුණුවා මරාදමා පුලුස්‌සා ඇතැයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටද පැමිණිලි කර තිබුණි.

තයාපරන් තමිල්නාඩුවේ සැඟවී සිටි අයුරු හෙළිsවන නිසා තමිල්නාඩු රජය ඔහුව ශ්‍රී ලංකාවට බාර නොදී නිදහස්‌ කර ඇත.

  • දිවයින පුවත්පත –

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.