මුස්ලිම් කොංග්‍රසය තාමත් අතීරණයේ-‘ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී’

 

rauf hakeem

 

 

ඉදිරි ජනාධිපතිවරණයේ දී මුස්ලිම් කොංග්‍රසය  ආණ්ඩුවත් සමග එකට ඉන්නවාද නැතිනම් ,පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙනවාද යන්න පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකිවීම  හේතුවෙන් පක්ෂය තුළ අර්බුදකාරී තත්වයක්  මතුව ඇති බව  ප්‍රකාශකයෙක් කියා සිටියේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද  කිරීම පිළිබඳව විවේචන මතුවී ඇත.

මුස්ලිම් කොංග්‍රසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන පිරිසක් මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන පිරිසක් සිටිති.

අවසන් තීන්දුව ගැනීම සඳහා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්විය යුතු වුවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඊට දිනයක් ලබාදී නොමැති  හෙයින් රවුෆ් හකීම් මහතා

වැට උඩ ගත කරන කාලය තවත් දික් විය හැකි බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

 

ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී

තම පක්ෂයේ තීන්දුව ගැන සලකා බලන්නැයි අගමැතිවරයා තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඊයේ තමාට දුරකථන ඇමතුමක් දුන් බවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අධිකරණ ඇමති රවුෆ් හකීම් සාමවිනිසුරුවන්ගේ සංසදය අමතමින්   පැවසීය.

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය සිකුරාදා එළිදැක්වූ බවද, ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට එළිදක්වන බවට ආරංචි වී ඇති බවද, පැවසූ හකීම් මහතා කියා සිටියේ ප්‍රතිපත්ති ප්‍රකාශන බලා තීන්දුවක් ගැනීම ලේසි පහසු නැති බවයි.

ඉදිරි මැතිවරණය ගැන කතා කිරීමේදී ඇතැමුන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියා කියන්න පුළුවන් බවත්, කෙසේ වුවද තීන්දු ගැනීමේදී සිය ආගමික නායකයින් කියන දේත් සැලකිල්ලට ගැනීමට සිදුවන බවත්, අද (21) මහනුවරදී  අධිකරණ ඇමති රවුෆ් හකීම්  කියා සිටියේය..

“ ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී ,තත්වයට පත්ව සිටින තමන්ට  “දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කිරීමට සිදුව තිබෙන බව ප්‍රකාශ කළේය.
කෙසේ හෝ සියලු දෙනාගේම අදහස් සැලකිල්ලට ගෙන මහජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරදෙන්න අල්ලා දෙවියන් වහන්සේ මට පිහිටවනු ඇතැයි ද රවුෆ් හකීම් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේය.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.