මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම්ට හොඳම තැන වැට උඩයි.

rrhakeeem

 

ජනාධිපතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය සහයෝගය දිය යුත්තේ කාටදැයි මහනුවරදී පවැත්වූ සාකච්ඡා නිශ්චිත තීරණයකින් තොරව හමාර වී ඇත.

නියෝජ්‍ය මහ ලේකම් නිසාම් කාරියප්පර් කියා සිටින්නේ බොදු බල සේනා සංවිධානය කරන අනතුරු ඇඟවීම් හේතුවෙන් තමන්ට කෙළින් තීරණයක් ගත නොහැකිවී ඇති බවයි.

විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දැක්වුවහොත්  මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල විය හැකි බවට බොදු බල සේනාව මතයක් ප්‍රකාශ කොට ඇති හෙයින් මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිතා බලා කටයුතු කිරීමට සිදුවී ඇති බවයි  කාරියප්පර් කියා සිටින්නේ.

නායක රවුෆ්හකීම් කියා සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මුස්ලිම් කොංග්‍රසය ඉදිරිපත් කොට ඇති යෝජනා වලට එකඟ වෙමින් සිටින හෙයින් තමන්ට නිශ්චිත තීරණයක් ගැනීමට තවත් ටික කාලයක් අවශ්‍ය බවයි.

අළුත්ගම මුස්ලිම්වරුන්ට  එරෙහි ප්‍රහාරය
අළුත්ගම මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාරය

බිය සැක

බලු බැල්මට මේ කතා දෙක පරස්පර විරෝධි සේ පෙනුනත් මේ ප්‍රකාශ  දෙකෙන්ම එක් සත්‍යයක් හෙළිදරව් වෙයි.

පළමුවැන්න නම්  පොදුවේ ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින් ගෙන් සීයයට දහයක් පමණ වූ මුස්ලිම් ජනතාවට බිය සැක නැතුව තීරණයක් ගැනීමට වාතාවරණයක් නොමැති හෙයින් නයකත්වයට නොයෙකුත් ප්‍රයෝගවල යෙදෙමින් කල්මැරීමට සිදු වී ඇති බවයි.

දෙවැන්න  මේ ජනාධිපතිවරනයෙන් මෛත්‍රීපාල සිරිසේන ස්ථීර වශයෙන් දිනන බවට මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වයට විශ්වාසයක් නැතිවීමයි.

මේ හේතුවෙන්   මුස්ලිම් කොංග්‍රසයට  කල්මැරීමේ උපාය මාර්ගයක්  අනුගමනය කිරීමට සිදුවී තිබේ.

අන්තවාදීන් මුස්ලිම්වරුන්ට එරෙහිව ද්වේශය පතුරද්දී ජනාධිපතිවරයා නිසොල්මන්ව සිටි අතර යම් හෙයකින් . මුස්ලිම් කොංග්‍රසය මෛත්‍රීපාල සිරිසේන ට සහාය දැක්වීමෙන් අනතුරුව ඔහු පරාජයටපත් වුනහොත් මුස්ලිම් නයකත්වයට අන්තවාදීන් ගෙන් විසුමක් නොමැතිවනු ඇත.ආණ්ඩුවත් ඔවුන්ට කාරුණික වනු ඇතැයි සිතිය නොහැක.

hakeemmahinda

සිංහල ඡන්ද එක මිටකට

ජාතික හෙළ උරුමයේ චම්පික. රණවක  ආණ්ඩුව සමග සිටියදී  කීයා සිටියේ සියළු සිංහල ඡන්ද එක මිටකට ගත හැකි නම් සුළු ජාතික ඡන්ද අවශ්‍ය නොවන බවයි.

දැන් ඒ සුත්‍රය වැරදී ගොසිනි. මෛත්‍රීපාල සිරිසේන ආගමනයත් සමගම සිංහල ඡන්ද රැසක් මිටෙන් හැලී ගොසිනි.

දෙමළ ජාතික සන්ධානයත් මෛත්‍රී සමග යන පාටක්  දක්නට තිබේ. එහෙයින් උපරිම පීඩනයක් යොදා නමට හෝ

රවුෆ් හකීම්ඇතුළු පිරිස තමන් වෙත රඳවා ගැනීමට ආණ්ඩුව උත්සාහ දරනු ඇත.

 

bbskakeem

තමන් මොනවා කීවත් මුස්ලිම් ඡන්දදායකයින් තමන්ට අවශ්‍ය තීරණය  ගන්නා බව හකීම් ඇතුළු පිරිස දනිති.

මෙහෙයින් හැකි තාක් කාලයක් වැට  උඩ සිටීම ප්‍රවේශම් සහගතය.

වැටෙන් බිමට පැනීමට නම් මෛත්‍රීපාල සිරිසේන මේ ජනාධිපතිවරණයෙන් දිනන බව සීයට සීයක්ම සහතික කර ගත යුතුය.

ජනාධිපතිවරණයට පෙර එවැනි අවස්ථාවක් උදාවේද යන්න සැක  සහිතය.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.