මෙගා ඩීල් කරන්නේ ච්ම්පිකයි- විමල් ගෙන් වාදයකට අභියෝගයක්

wimalww

 

බොරු සංක්‍යාලේකන ඉදිරිපත් කරමින් දේශපාලන මගා ඩීල් එකකට එළඹසිටින චම්පික රණවකට තමන් හා වාදයකට එන්නැයි විමල් වීරවංශ ඇමතිවරයා අභියෝග කොට සිටී.

10% ඉක්මවූ ණය පොලී අනුපාතයකට ව්‍යාපෘති සඳහා ණය පෙර පැවති ආණ්ඩු ණය ලබා ගෙන ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘අද ඇතැම් පාර්ශ්ව මතයක් හදනවා, මේ ආණ්ඩුව 7%ක පොලියකට විදේශ ණය අරගෙන විශාල ගසාකෑමක් සිදු කළා කියලා. නමුත් මම පෙන්වා දෙන්න කැමතියි, එසේ චෝදනා කරන මහත්වරු රට පාලනය කරන අවස්ථාවල සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉතා ඉහළ පොලී අනුපාතයකට ණය ලබා ගෙන තිබුණු බව. 1977 සිට 2005 දක්වා කාලසීමාව අපි සලකලා බලමු. කොහොමත් මැදි ආදායම් රටක් වීමට කලින් ලැබෙන සහන වැඩියි. එසේ තිබියදීත් මේ චන්ද්‍රිකා නෝනා සහ ජේ. ආර්. ජනාධිපතිතුමන්ගේ අනුප‍්‍රාප්තිකයා නියෝජනය කරන පාර්ශ්ව ඉතා ඉහළ පොලී අනුපාතිකයකටයි සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබා ගෙන තිබුණේ.

අපි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් බලයට පත් වීමට ප‍්‍රථම 2005 දක්වා කාලසීමාව තුළ උදාහරණයක් ගෙන බලමු. නිල්වලා ගග ව්‍යාපෘතිය සඳහා ප‍්‍රංශයේ වාණිජ බැංකුවක් සමග 1982/09/28 දින ණය ගිවිසුමකට එළඹී තිබෙනවා. ගත් ණය මුදල ප‍්‍රංශ ප‍්‍රෑන්ක් මිලියන 23.8යි. වාර්ෂික ණය පොලී අනුපාතියක 10.85%යි. ඒ ව්‍යාපෘතිය සඳහාම 1984/01/24 දින ප‍්‍රෑන්ක් මිලියන 20.8ක් ලබා ගෙන තිබෙනවා.

ඒත් වාර්ෂික පොලිය 10.85%යි. ඊළගට එම ව්‍යාපෘතිය සඳහා 1987 දී තවත් ප‍්‍රෑන්ක් මිලියන 69.2ක් ලබාගෙන තිබෙනවා, අලූත් ණය ගිවිසුමක් මගින්. පොලිය 8.59%යි.

 

 

 

සමනල වැව 9.95%ක පොලී අනුපාතිකයකට

ඒ වගේම 1986 සමනල වැව ජල විදුලි ව්‍යාපෘතියකට බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 38.6ක් අරගෙන තිබෙනවා. වාර්ෂික පොලිය 7.4%යි. 1986දී බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 5.3ක් ඒ ව්‍යාපෘතිය සඳහා යළි අරගෙන තිබෙනවා. පොලිය 8.3%යි. කොත්මලේ ඔය ව්‍යාපෘතියට ණය අරගෙන තිබෙන්නේ 9.95%ක පොලී අනුපාතිකයකට. අඹතලේ ජල පිරිපහදු ව්‍යාපෘතියට 1990 දී 9.2%ක පොලියට ප‍්‍රෑන්ක් මිලියන 61.5ක් ලබා ගෙන තිබෙනවා.

ri_Lankan_Rupee_bank_notes

2001 දී මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීමේ ව්‍යාපෘතියට අරගෙන තිබෙනවා යුරෝ මිලියන 6.7ක්. වාර්ෂික පොලී අනුපාතිකය 7.7%යි. මේවාට තමයි ‘මෙගා ගැහිලි’ කියන්නේ. 10.85%ක පොලියට ණය ගැනීම ‘මෙගා’ නොවෙයි ’ ද?

‘ඉහළ පොලී අනුපාතිකයකට සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගත්තේ කවුද?’-ප‍්‍රසිද්ධ විවාදයකට එන්න

 

 

2005 මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත් වූවාට පසු ගත් විදේශ ණය මුදල් සලකා බැලූවොත් කිසිදු ව්‍යාපෘතියකට 7% ඉක්ම වූ පොලී අනුපාතිකයකට ණය අරගෙන නැහැ. 2 – 3% ණය පොලී අනුපාතිකයකටයි බොහෝ විට ණය අරගෙන තිබෙන්නේ. 4 – 5% දක්වා පොලී අනුපාතිකයකට ‘එක්ස්ෂින්’ බැංකුව වැනි බැංකුවලින් ණය ගත් අවස්ථාත් කිහිපයක් තිබෙනවා.

මේ ඇතැම් පාර්ශ්ව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව සම්බන්ධයෙන් එසේ නැති එකක් මවන ගමන්, 10% ඉක්ම වූ පොලී අනුපාතිකයකට ණය ගත් රනිල් – චන්ද්‍රිකා පාලනයන්ට ‘සුදු හුණු’ ගානවා. අද මේ අය නියම මෙගා ඞීල්කාරයන් සමග හිට ගෙන 7% ඉක්ම වූ පොලී අනුපාතිකයකට කිසිදු අවස්ථාවක ණය නොගත් මේ ආණ්ඩුවට ‘මෙගා ඞීල්කාරයා’ කියමින් ඇගිල්ල දිගු කරනවා.

ඇත්ත මෙගා ඞීල්කාරයන් බලයට ගෙනෙන්න කොන්ත‍්‍රාත් අරගෙන අද මේ අය කරන්නේ දේශපාලන තක්කඩිකමක්. මේ අයට අපි අභියෝග කරනවා, ‘ඉහළ පොලී අනුපාතිකයකට සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගත්තේ කවුද?’ කියන මාතෘකාව යටතේ ප‍්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. ඒකට අපි ලෑස්තියි.

මේ පිළිබඳව චම්පික රණවක මන්ත්‍රීවරයාගෙන් ප්‍රතිචාර පල වී නැත.

 

[vsw id=”/DaG8Piz9rD0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.