මෛත්‍රීගේ තලාව රැස්වීමට පිට්ටනිය නැහැ

sirittt

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමකට තලාව මහජන ක්‍රීඩාංගණය නොලැබුණු නිසා එය තලාව කොළඹ පාර අයිනේ පෞද්ගලික ඉඩමක සෙනසුරාදා පැවැත්වීමට සිදුවූ බව ලංකාදීප පුවත්පත කියා  සිටී.

අක්කර බාගයක් පමණවූ ඉඩම මහජනයාගෙන් පිරී ගිය අතර එහි ඇතුළුවීමට නොහැකිවූ සෙනග පාරේ සිටියහ. මේ නිසා පැය 5 ක් පමණ එම මාර්ගය වසා දැමීමට පොලිසියට සිදුවිය.

මහජන ක්‍රීඩාංගණය හිස්ව තිබූ බවද පෙනිණි. එම පාරේ බස් ඇතුළු වාහන වෙනත් මාර්ගවලට හරවා යැවීමටද සිදුවූබවයි වාර්තා වන්නේ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.