මෛත්‍රීගේ රැලියට කොත්මලේ ක්‍රීඩාංගණය දෙන්න – මැ.කො. මෛත්‍රී වෙනුවෙන් මැදිහත් වෙයි

 

maco

 

 

මෛත්‍රීගේ රැලියට 14 දා කොත්මලේ ක්‍රීඩාංගණය දෙන  ලෙස නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම් වරයා වෙත මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා වෙත ලිතව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රචාරක රැලියට කොත්මලේ නව නගර ක්‍රීඩා පිටිය ලබාදෙන ලෙස කොත්මලේ එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක අශෝක හේරත් මුදල් ගෙවා වෙන්කර තිබියදී ත්  කොත්මලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම  ක්‍රීඩාංගනය ලබාදිය නොහැකි බව ප්‍රකාශ කොට ඇත.

 

මේ අවලංගු කිරීම පිළිබඳව  මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත දැන්වීමෙන් අනතුරුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව  නව නගර ක්‍රීඩා පිටිය 14 වැනි දාට රැස්වීම පැවැත්වීම සඳහා   ඉල්ලුම්කරුවන් වෙත ලබාදීමට ක්‍රියා කරන ලෙස කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට දන්වන ලෙස මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය විසින්දන්වා ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.