මෛත්‍රීට රැල්ලක් ගොඩ නැගිය හැකිද ?

ssirisena2

 

පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් භාර ගෙන ඇත්තේ බරපතල අභියෝගයකි .

ඒ සියළු රාජ්‍යය සම්පත් හිමි සර්ව බ ලධාරි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ සමග විධායක ජනාධිපති තරඟයට එළඹීමයි .එක් අතකින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පළපුරුදු චන්ද කාරයෙකි අනෙක් අතට දැනට තිබෙන තත්වයන් යටතේ කිසිසේත්ම පරාජය යනු සේත්ම භාර ගත නොහැකි තත්වයකි.

මේ වාතාවරණය යටතේ මෛත්‍රීපාල යාපා සිරිසේන ගේ සටන උඩු ගං බලා පිහිනීමකි. උඩු ගං බලා පිහිනීමේ ඉසව්ව ජයගැනීමට නම් පොදු අපේක්ෂක සිරිසේන හට ප්‍රධාන වශයෙන්ම උදව් වන්නේ රැල්ලයි .

මේ ජනතා රැල්ල යනු තැනින් තැන අසංවිධානාත්මකව ගොඩ නැගෙන වැඩපිළිවෙලකි.

එහෙත් ඊට ජවය සහ මතවාද එන්නත් කිරීම තුළින් පවතින බල කඳවුරට අභියෝග කළ හැකි ඇත. එහෙත් මැජික් සංදර්ශන පෙන්වීම තුළින් හෝ ඉටු කළ නොහැකි පොරොන්දු දීම තුලින් මේ රැල්ල ගොඩ නැගිය නැගිය නොහැක. තැනින් තැන ඇතිවෙන බහ , ප්‍රචණ්ඩ සිදුවීම් වලට නැගෙන විරෝධය , වැඩ වර්ජන ,සිසු උද්ගෝෂණ ,විද්වත් කථිකා සහ ජන මාධ්‍ය මේ විරෝධතා රැල්ල ගොඩනගනු ඇත .

ජනාධිපති රාජපක්ෂ ඉතා ශූර ලෙස ජනාධිපති වරණ ප්‍රාචාරන සමය සීමා කොට ඇත්තේ විරෝධතා රැල්ලක් ගොඩ නැගීමට ප්‍රථම සියල්ල අවසන් කිරීමටයි. අනෙක් අතට බැසිල් රාජපක්ෂ මලණුවන්ගේ මෙහයවීම සහ පරිපාලනයේ විශ්වාසය දීනාගත් විලී ගමගේ ගේ ප්‍රධානත්වයෙන් දීප ව්‍යාප්ත ප්‍රචාරණ යාන්ත්‍රණයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී .

මේ සුවිසල් යාන්ත්‍රණය පරාජය කිරීම සඳහා ඊටත් වඩා විශාල යාන්ත්‍රණයක් ගොඩ නැංවීමට තැත් කිරීම මෝඩ කමකි. ජනතා රැල්ලක් ගොඩ නැගෙන්නේ ආණ්ඩු වෙනසකට බලපාන හේතු තමන්ගේ ඇඟට දැනෙන විට පමණි .මේ මොහොතේදී විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම රටේ වැඩිදෙනාට ඇඟට දැනෙන ප්‍රශ්නයක් නොවන බව පිළිගත යුතුව ඇත.

 

sirisena3

ජනතා රැල්ලක්

එහෙත් මෙය නොතකා හැරිය නොහැකි ප්‍රශ්නයකි . විධායක ජනාධිපති ක්‍රමය ගැන රටේ වැඩිදෙනා දෙවරක් සිතා බලන රැල්ලක් ඇති කිරීමට ව්පක්ෂයේ පිළ සමත්වේදැයි යන්න දැන් මෛත්‍රීපාල සිරිසේන හමුවේ ඇති අභියෝගයයි.

මේ අභියෝගය ජයගැනීමට නම් ජනතා උනන්දුව දනවන සංවාදයක් සහ උණුසුමක් සහිත රැල්ලක් ගොඩනැගිය යුතුව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නොවෙනස්වන සීයට තිහක පමණ ඡන්ද පදනම ,ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන හැකියාව සහ ජාතික හෙළ උරුමය සහ මාදුළුවාවේ සෝබිත හිමියන් විසින් ගොඩනගා ඇති සිවිල් බලවේගය මේ රැල්ල ජනිත කිරීමට උපකාරී වනු ඇත.එහෙත් මේ රැල්ල ජයග්‍රහනය තෙක් ගෙන යාමට නම් පොදු අපේක්ෂක පිළ දෙමළ සහ මුස්ලිම් ජන කොටස් ආමන්ත්‍රණය කරන අකාරය තීරණාත්මක ලෙස බලපානු ඇත.සුළු ජන කොටස් වැඩේට සෙට් වන බව දකුණට දැනෙන විට ජන රෑ ල්ල ජව ගැන්වෙනු ඇත.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

One thought on “මෛත්‍රීට රැල්ලක් ගොඩ නැගිය හැකිද ?

  • December 7, 2014 at 3:56 am
    Permalink

    ya of course

    Reply

Leave a Reply

Your email address will not be published.