මෛත්‍රී-පාලනය පොරොන්දු-පාලනයක් වෙයිද?

 

sirisenamk

 

මෛත්‍රීපාල සිරිසේන  හිටපු ඇමතිවරයා මේ දිනවල ලෝබ  නැතුව පොරොන්දු දෙමින් සිටී.

මේ ගැන ඔහුට දොස් කිව නොහැක මන්ද යත් පොරොන්දු දීම ඔහුගේ රාජකාරියයි ඒ අනුව දින සීයක් ඇතුලත විධායක  ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හැරෙනට ඔහු විසින් තවත් බොහෝ දේ කළයුතුව ඇත.

 

රනිල් වික්‍රමසිංහ අගමැති කොට ‘සර්’  කියා  ආමන්ත්‍රණය  කිරීම, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට මැඩම් කියා  ඇය ඉන්දියාවේ සෝනියා ගාන්ධි වැනි ගරු කටයුතු තැනක රැඳවීම ,ප්‍රධාන පෙළේ හොරු ටික ඇල්ලීම. තොරතුරු දැන  ගැනීමේ පනත ඉදිරිපත් කිරීම සහ මාධ්‍ය නිදහස තහවුරු කිරීම. මේ දින සීයේ ලැයිස්තුවට ඇතුලත්ය.

 

යහ පාලනය තමන් අතම තබාගෙන  දුෂණය මැඩලීමටත් මෛත්‍රීපාල සිරිසේන   මහතා පොරොන්දු වී ඇත.

carddv9

ජාතික හෙළ උරුමය සමග අත්සන් කල .අවබෝධතා ගිවිසුමට අනුව ආගමට දේ තැන, ජාතික ආරක්ෂාව ඇතුළු කරුණු රැසකට මෛත්‍රීපාල සිරිසේන  මහතා එකඟ වී ඇත.

 

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ධුරය ඉල්ලා ඇති  බව වාර්තා වී ඇති අතර තමන්ට පොදු අපේක්ෂකයා හමු වී පැයක්  දෙකක් කතා බහ කිරීමට දේවල්  තිබෙන බව පොදු අවබෝධතා ගිවිසුම විහාරමහා දේවි උද්‍යානයේදී අත්සන් කළ අවස්තාවේදී කියා සිටියේය.

 

දෙමළ සහ මුස්ලිම් ජනතාවට බලපාන ප්‍රශ්න  ගැන දින සීය ඉක්මවූ තැන තමන් පිවර ගන්න බව කියමින් ඒ ඉසව්වෙන් ප්‍රවේසම් සහගත ලෙස ඉවත් වී සිටීමට පොදු අපෙක්ශකයුආ කටයුතු කොට ඇත.

 

ප්‍රධාන පොරොන්දුව වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කරන ආකාරය පවා මේ තාක් නිරවුල්ව පැහැදිලි කොට නැත.

puravasi

පුරවැසි බලය

මෛත්‍රීපාල සිරිසේන   මහතා දිගින් දිගට පොරොන්දු දෙද්දී ජනතාව ඒ පොරොන්දු වලින් කුල්මත් වී සිටිති.

මේපොරොන්දු ඉටු කරන අකාරය පිළිබඳව පොදු අපේක්ෂකයා ගෙන් පහැදිලි කර ගැනීමක් නොකර නිෂ්ක්‍රීය ලෙස බලා  සිටීමත් සියල්ල

යහපත් ලෙස විසඳේ යැයි සිතීමත් නුවනට හුරු නොවේ.

විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන   මහතා වෙනුවෙන් ඉදරිපත් වී සිටින පුරවැසි බලය වැනි සංවිධාන වලට නිර්මාණාත්මකව හා සාධනීය ලෙස මේ කාර්ය කල හැකිය. පසු ගිය දා පුරවැසි බලය කොළඹදී කැඳවූ රැළිය ප්‍රධාන වශයෙන්ම දේශපාලකයින්ට කතා කිර්රෙමට සැකසු වේදිකාවක්  විය.

එවැනි වේදිකා මතින් බිභිවන්නේ යටත් වැසියන් පමණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.