මෛත්‍රී ආවොත් කොහොම හිටීද?-සංඛ කිරිඳිවැල විමසුමක්

Sanka Kirindiwela

සංඛ කිරිඳිවැල

 

 

 

මෛත්‍රීගෙන් බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ

මෛත්‍රීපාල සිරිසේනගෙන් විවිධ පාර්ශව විසින් බලාරොත්තු වන ප්‍රතිසංස්කරණ අතරින් වඩාත් කේන්ද්‍රීය දෙය වන්නේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමයි. මෙම ප්‍රතිසංස්කරණය පදනම් කරගනිමින් කොටස් දෙකකින් අදහස් පළ කළ හැකිය. එහි මුල්ම ආකාරය වන්නේ 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රධාන පොරොන්දුවක් මෙන්ම 2005 දී මහින්ද රාජපක්ෂගේ ප්‍රධානතම පොරොන්දුවක්ව ඉන්පසු මගහැර ගිය මේ පොරොන්දුව මෛත්‍රිපාල සිරිසේන විසින් ඓතිහාසික ලෙස සැබෑවක් බවට පත්කිරීමයි.

කිසියම් හෝ ආශ්චර්යයකින් එය එසේ සිදුවූවේ යැයි උපකල්පනය කළහොත් ඊළගට සිදුවීමට ඉඩකඩ ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බලය ලැබෙනරනිල් වික්‍රමසිංහ අගමැති වන පාර්ලිමෙන්තුවක් පත්වීමයි. එවැනි තත්ත්වයකිදී බලාපොරොත්තු විය හැකි සාධනීය ප්‍රතිඵලය කවරක් දැයි යන ගැටළුව මෛත්‍රී හිතවාදී පිරිස් වෙත මා යොමුකරමි. අඩුම තරමින් මේ වන විට ව්‍යූහගතව පැතිරී ගොස් ඇති දූෂණය වංචාව අවම කොට ජාතිවාදය වර්ගවාදය මුලිනුපුටා දමා, අදහස් දැක්වීමේ නිදහස සහ මාධ්‍ය නිදහසෙන් යුතු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවත් සිදුවීමේ ඉඩකඩක් ඇත්ද? රනිල්ගේ රැවුල ගැන, කරුගේ සරම ගැන, සජිත්ගේ ප්‍රේමදාසවාදය ගැන කතාබහ පැතිරී ඇති යූඇන්පියෙන් මෙවැනි ප්‍රතිසංස්කරණ සිදුකරගැනීමේ හැකියාවක් පවතීද?

මහින්දගේ හා මෛත්‍රිගේ වෙනස

මෛත්‍රිගේ ආගමනයක් ගැන උපකල්පනයෙන් අදහස් පළකල හැකි දෙවන ආකාරය වන්නේ ඔහු විසින් සිය පූර්වගාමියන් අනුව යමින් තව දුරටත් විධායක ක්‍රමයෙහි රැදී සිටීමට ඇති හැකියාවයි. තනතුරෙහි ඇති බලය නිසා තමන් බලයට පත්කළ පිරිස අතහැර තනිව සිටීමේ හැකියාවක් මෛත්‍රීපාලට ඇතත් යූඇන්පීය හා ඇතිවන විරසක නිසා ශ්‍රීලනිපයේ සිටි තමන්ගේ පැරණි මිතුරන් සහ නිශ්චිත ස්ථාන නොමැතිව සංසරණය කරන ටිරාන්, අර්ජුන වැනි පිරිස් ඉදිරියට ඒමේ ඉඩකඩක් ඇත. විධායකයේ බලතල හේතුකොට එය අතරමග නතරකරලීමකට උත්සාහ කරනවාට වඩා ඊනියා ජාතිකවාදීන් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට ඉඩකඩ ඇත. බැසිල්, සජින් වාස්, පීබී වැනි දේශපාලන ගේම් කළමණාකරුවන් මෛත්‍රී යටතේ ද බිහිවනු ඇත. මහින්ද වෙනුවට මෛත්‍රී පැමිණ, හම්බන්තොට වෙනුවට පොළොන්නරුව ආදේශවනු ඇත. සහෝදරයින් තිදෙනෙකු වෙනුවට දොළොස්දෙනෙකුම මගබලා සිටින බවද කියැවේ. අප දන්නා එකම සහෝදරයා ද ලංකාවේ ‘ජනාධිපති සහෝදරයෙකු’ වීමට හොදින් සුදුසුකම් සපුරා තිබේ.

ලංකාවේ දේශපාලන සංස්කෘතියේ පසුබෑම

නිදහසින් පසු දේශපාලනය දෙස හැරී බැලීමේදී 2005 වසර දක්වාම යම් ආකාරයක ප්‍රභූ වටිනාකම් සමුදායක් දේශපාලනයේ දක්නට ලැබුණි. 77න් පසු තීරණාත්මක පසුබෑම ආරම්භ වුවත් මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, අස්වර්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැනි විහිළුකාර චරිත සදහා රාජ්‍ය පිළිගැනීමක් ලැබුණේ 2005න් පසුවය. සිංහල බෞද්ධ ජාතිකවාදය කසිප්පු බී සිවුර උස්සාගෙන වලියට යන චීවරදාරීන් බිහිකරලීය. අවිහිංසාව දේශනාකරන ආගමක ප්‍රධානීන් එසේ සිදුකිරීම සමාජයේ සාධාරණීකරණය විය. වඩාත්ම වැදගත් වන්නේ මෙවැනි සමාජ පසුබෑමක් සදහා අවශ්‍ය දේශපාලන සංස්කෘතියක් බිහිවීමය. මහින්ද රාජපක්ෂ මෙහි සංකේතීය චරිතයයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් තුට්ටුවට දමමින් ගමක හංදියක සිටින චණ්ඩියෙකුගේ චරිත ස්වභාවය රාජ්‍ය පාලනයට පිළිගත් වටපිටාවක් නිර්මාණය වූයේ මේ අනුවය. ප්‍රාග්ධනය සිය නිදහස් සංසරණය සදහා මේ චරිතයට සරිලන ආකාරයක් අත්පත්කරගත්තේය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන බටහිරට වඩා චීනයේ ප්‍රාග්ධනය මේ සදහා වඩාත් සමපාතී විය. සරලවම ගතහොත් රාජ්‍ය ස්වරූපය “බයියෙක්” බවට පත්විය.

මේ වන විට අප විසින් අත්දකින දේශපාලන සංස්කෘතියේ තීරණාත්මක පසුබෑමට අභියෝග කරලීම සදහා බොහෝ ප්‍රගතිශීලීන් විසින්ද ඉල්ලා සිටියේ සමාජ දේශපාලනික වටිනාකම් පුබුදුවන චරිතයකට වඩා “බයියෙක්ට” අභියෝග කරලීම සදහා තවත් “බයියෙක්”ය. මෛත්‍රී මෙන්ම කරු ද නියෝජනය කරන්නේ මේ චරිතයට ආදේශකයක් ලෙසටය.

හද්දා පිටිසර හම්බන්තොටින් මහින්ද එන විට මෛත්‍රී එන්නේ පොළොන්නරු කැලේ මැදින්ය. දෙදෙනාගේම භාෂා භාවිතය හෝ අධ්‍යාපන සුදුසුකම් දේශපාලනකයෙකු වීමට අමතරව රජයේ පියන් රැකියාවකටවත් උචිත නොවේ. මොවුන්ගේ දේශපාලන භාවිතාවන් තුළද මෙකී සීමාවන් හොදින් හඳුනාගත හැක. ඊනියා සංවර්ධනයට මුවාවෙමින් වංචාව දූෂණය පමණක් නොව සංවර්ධනයේ දිශානතිය සම්බන්ධයෙන් ද සිය ග්‍රාමීය හීනමානය මෙන්ම ප්‍රදර්ශනකාමී සංවර්ධනයට ද හේතුව මෙකී පුද්ගලවාදී සාධකයයි. මෙනිසාම මෛත්‍රීගේ පාලන සමයක් තුළ පොළොන්නරුව ලංකාවේ සංවර්ධිතම දිස්ත්‍රික්කය බවට පත්කරලීමේ හැකියාව ගැන කතාබහ පුදුමයක් දනවන්නේ නැත. ඊට ගුවන් පථයක්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වැනි බොහෝ දේ එක්කරගත හැක. අවශ්‍යනම් ක්ෂේත්‍ර චාරිකා සදහා විදෙස් රටවල නොව හම්බන්තොටට යා හැක. අම්බුළුවාගල නිර්මාණය කොට ගම්පොළරාජධානියේ රජා ලෙස කිරිළුපලන් දී. මූ. ජයරත්න ද මෙකී ක්‍රියාකාරීත්ව පිළිබදව උදාහරණ සපයයි.

මුල් ලිපියෙන් උපටා ගත් කොටසකි-යන්න බූන්දි වෙත

http://www.boondi.lk/article.php?ArtID=4502

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.