මෛත්‍රී ගේ රුපියල් මිලියන 2500 එන්තරවාසියට තිස්ස ගෙන් පිළිතුරු

court_hammer

එක්සත් ජතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ  සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අතර අත්සන් කළ බව කියන ව්‍යාජ ගිවිසුම පිළිබඳව යැවු එන්තරවාසියට පිළිතුරු දෙන එක්සත් ජතික පක්ෂයේ හිටපු මහා  ලේකම් තිස්ස අත්තනායක  කියා සිටින්නේ ගිවිසුමේ ඇතලත් වූ කරුණු වල වැදගත්කම සලකා තමන් ඒ තොරතුරු හෙළිදරව් කල  බවයි.

ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන්නට ඉඩ තිබෙන තොරතුරු එහි ඇතුලත් වුයෙන් සද්භාවයෙන් තමන් එහි කරුණු මහජනතාවට ඉදිරිපත් කල බවයි තිස්ස අත්තනායක

මහතා ප්‍රකාශ කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන පිළිබඳව සැකයක් නොවූ බවත්  මෙහිදී තමන් කිසි ලෙසකින් කූට සහ ව්‍යාජ ලියවිල්ලක් සකස් කිරීමට දායක වී නැති බව තමන්ගේ නීතීවේදීයාගේ මාර්ගයෙන් තිස්ස  අත්තනායක මහතා කියා සිටී.

රුපියල් මිලියන 2500 ක වන්දියක් ගෙවන ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉල්ලා සිටින බව නීතීඥ සඳුන් ගමගේ මහතා තිස්ස අත්තනායක මහතා වෙත දැනුම් දී තිබුණි.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.