මෛත්‍රී පොරොන්දු ප්‍රකාශය ආඬි හත්දෙනාගේ කැඳහැලියක්

AYAPAayapaayapa

 

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අච්චාරුවක් බවත් එය ආඬි හත්දෙනාගේ කැඳහැලියට සමාන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (20) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී  පැවසීය.

 

.

මේ පිරිස කියනවා පෙට්‍රල් ඩීසල් බදු අඩු කරනවා කියා. ලෝකයේ හැම රටකටම වගේ තෙල්වලට බදු අය කරනවා. ඒවා තමයි රජයට තිබෙන ආදායම්. මොවුන් බදු  අඩු කරනවා නම් රජයට ආදායම් ගන්නේ කොහොමද? යැයි ඇමතිවරයා ප්‍රශ්න  කළේය

 

පරිගණක ජිල්මාට්

 

මාධ්‍යවේදියෙක් – රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කියා තිබුණු පරිගණක ජිල්මාට් දැමූ බව?

ඇමැතිවරයා –  කම්පියුටර් ජිල්මාට් ගැන අපි දන්නේ නෑ. මැතිවරණයෙදි ජිල්මාට් දාන්න බැහැ.

මාධ්‍යවේදියෙක් – නියෝජ්‍ය ඇමැති ඒ බව කියා තිබුණා.?

ඇමැතිවරයා – එහෙම කියා තිබුණා නම් වැරදි.

මාධ්‍යවේදියෙක් – ඔබ කිව්වා පෞද්ගලීකරණය කළ සමාගම් තුනක් රජයට පවරාගෙන දැන් ලාබ ලබන බව. ගුවන් සේවා සමාගම අධික පාඩු ලබනවනේ?

ඇමැතිවරයා – ගුවන්සේවා සමාගමට දිගටම ආයෝජන කරනවා. ඉදිරියේ ලාභ ලබන තත්ත්වයට පත් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.