මෛතී‍්‍රගෙන් සික්සරයක් – තෙල් සේවක වර්ජන තර්ජන අහෝසියි

Maithripala Sirisenaදේශපාලනයත් කි‍්‍රකට් කී‍්‍රඩාව වැනිය. විටෙක සික්සර් ගැසිය හැකි අතර තවත් විටක සීරුවෙන් පන්දුවට පහර දීමට සිදුවේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඛණිජ තෙල් සංස්ථා සේවකයින් සමග පැවැත්වූ සාකච්ජා සාර්ථක බව ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ම පවසති. හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුමට සංශෝධ එක් කිරීමටත් ගිවිසුම ඕනෑම වෙලාවක සංශෝධනය කීරීමට හැකිවන වගන්තියක් ඇතුලත් කිරීමටත් ජනාධිපතිවරයා එකඟ වූ බවයි ඛණිජ තෙල් සංස්ථා සේවක එකතුවේ සභාපති ඞී. ජේ්. රාජකරුණා පැවසුවේ. තම වර්ජන කි‍්‍රයාවලිය ඔස්සේ තව දුරටත් ඉදිරියට යා නොහැකි බව තේරුම් ගත් තෙල් සේවකයින් ජනාධිපතිවරයාට එකඟ වූ බවක් පෙනෙන්නට තිබේ.

මේ අනුව ජනාධිපතිවරයාට දේශපාලන වශයෙන් ප‍්‍රබල තැනකට පත් විය හැකිව තිබේ. මේ අතර වාරයේ කොළඹ වරාය අධිකරියේ උත්සවයකට ගොස් උච්ච ස්වරයකින් කතා කරමින් ජනාධිපතිවරයා පැවසුවේ කොළඹ වරායට අත තබන්නට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, දේශයේ බිම් අඟලක් හෝ වෙනත් රටකට පැවරීමට ඉඩ නොදෙන බවත්ය. එමෙන්ම දුම්රිය සේවක වර්ජනයත් නතර කර ගත හැකිවී තිබේ. නියෝජ්‍ය ප‍්‍රවාහන අමාත්‍ය අශෝක අබේසිංහ සමග කල සාකච්ජාවකින් අනතුරුව දුම්රිය සේවකයින් කියා සිටියේ තමන්ගේ වර්ජනය කල් දැමූ බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.