මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය -කෙටියෙන්

mmmmm

සංවර්ධනය සඳහා මහා පරිමාණ දූෂණය නැවැත්විය යුතුය. පසුගිය වසර හය තුළ සිදුවූ දූෂණ අවම කිරීම මගින් එම වසර හය තුළ සිදුකළ සංවර්ධනය මෙන් දස ගුණයක සංවර්ධනයක් ඇති කළ හැකිය. රාජ්‍ය ණය ගැනීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මගින් පෙන්වාදෙයි.

ජීවන වියදම් වලින් ජනතාව ගලවාගැනීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක රේගු බදු ඉවත් කිරීමට පියවර ගන්නා බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් කියා සිටී. එමගින් ආහාර ද්‍රව්‍ය වල මිළ කඩිනමින් අඩු කිරීමට හැකිවෙයි.

සමෘද්ධී දීමනාව, දුෂ්කරව ජීවත්වන ජනතාව වෙනුවෙන් දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගැනේ. විධ්මත් අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ඒ සඳහා සැකසේ.

රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කෙරේ. එහි පළමු අදියර ලෙස පෙබරවාරි මාසයේදී රුපියල් 5,000 ක් රාජ්‍ය සේවකයන් වෙත ලබාදීමට මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක් ප‍්‍රතිපත්තිය යටතේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රතිඥා දී තිබේ. විශ‍්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන තෙක් රුපියල් 3,500 ක මාසික අන්තර් දීමනාවක් ලබාදීමට පියවර ගැනේ. දුගී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජයෙන් ලබාදෙන මාසික දීමනාව රුපියල් 1,500 දක්වා වැඩි කෙරේ.

සදාචාර සම්පන්න සමාජයක් නිර්මාණය කිරීම ද මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අරමුණයි. මත්කුඩු ජාවාරම් මර්දනයට විශේෂ බලකායක් ස්ථාපනය කෙරෙන අතර සියලූ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ නම් ගම් හෙළි කෙරේ. දුම්වැටි ඇසුරුම් වල රූපමය අවවාද 80% ක් දක්වා වැඩි කෙරෙන අතර සංස්කෘතික, ආගමික නිදහස හා සංහිඳියාව ඇති කිරීමේ ක‍්‍රියාමාර්ග රැුසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනතාවට ඉදිරිපත් කරයි.

mithpolicey
කලා හා සංස්කෘතික කටයුතු ප‍්‍රවර්ධනයත් – තිරසර ගොවිතැන හා ආහාර සුරක්‍ෂිතතාවත් සොබාදහම රැුකීමත්, සැමට සුවසෙත සැලසීමත් නව රජයක ප‍්‍රමුඛ කාර්යයන් බවත් ‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ දී දැක්වෙයි.

අධ්‍යාපන සංවර්ධනයට දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් වෙන් කෙරේ. මහපොළ සරසවි ශිෂ්‍යාධාරය රුපියල් 5,000 ක් දක්වා වැඩි කෙරෙන අතර තාක්‍ෂණික අධ්‍යාපනයට පිවිසෙන තරුණ තරුණියන් සඳහා ණය පහසුකම් ලබාදීමට ද නව රජයක් යටතේ ක‍්‍රියා කෙරේ. උසස් පෙළ විෂයයන් තුනක් සමත් සිසුන්ට උපාධිය හෝ ඩිප්ලෝමාවක් හැදෑරීමට ද ණය පහසුකම් ලබාදීමට ද ක‍්‍රියා කරන බවට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ප‍්‍රතිඥා දෙයි.

ජාතික මතය නිරූපණය වන විදේශ ප‍්‍රතිපත්ති සැකසෙන අතර මානව හිමිකම් කඩවීමේ චෝදනා වලට නිවැරදි පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකාව පිළිබඳ නව ප‍්‍රතිරූපයක් ලෝකය තුළ ගොඩනැගීමට ක‍්‍රියා කෙරේ.

 

mithrippp

කර්මාන්ත හා සේවා සංවර්ධනයත් වගකීම් සහගත රාජ්‍ය අංශයක් නිර්මාණය කිරීමත් බලශක්ති සුරක්‍ෂිත ශ‍්‍රී ලංකාවක් පවත්වා ගැනීමත් මගින් නව යුගයකට ශ‍්‍රී ලංකාව මෙහෙයවන බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් පෙන්වා දෙයි.

රාජ්‍ය  ජනමාධ්‍ය, පාලක පක්‍ෂයේ ප‍්‍රචාරක අවියක් බවට පත් කිරීම නවතා සමබර තොරතුරු ප‍්‍රකාශයට අවශ්‍ය පසුබිම සැකසීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති සැකසේ. ජනමාධ්‍ය කරුවන්ගේ සහ ජනමාධ්‍යයයේ නිදහස ආරක්‍ෂාවන දිගු හා කෙටිකාලීන වැඩසටහන් සැකසේ.

අන්තර් ජාලය නොමිලයේ භාවිත කළ හැකි wifi  කලාප ප‍්‍රධාන නගර වල ඇති කිරීමට ද ‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්තිය යටතේ පියවර ගැනේ.

පක්‍ෂ, ආගම් ජාතිභේද වලින් තොරව 21 වන සියවසට ඔබින නූතනත්වයෙන් පිරිපුන් රටක් නිර්මාණය කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් ප‍්‍රතිඥා දෙයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.