මෛත‍්‍රී කාන්තාවන් සමග

 

 

Image00003

 

 

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් එක්සත් ලක්වනිතා පෙරමුනේ සංවිධානයෙන් අද විහාරමහාදේවි එලිමහන් රංගපීඨයේ පැවැති කාන්තා සමුළුවක් පැවැත්විණ.

 

 සමගි සන්ධාන ආණ්ඩුව තුළින් කාන්තාවකගේ ගෞරවය හා ආරක්ෂාව තහවුරුවන ලෙස නීතිය ක‍්‍රියාත්මක කරමින් නීතියේ ආධිපත්‍යය තහවුරු කරන බවත්, පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

”. ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරියක් ලෙස ශිරාණි බණ්ඩාරණායක මහත්මිය පත්වූවාය. එය අගවිනිසුරුවරියක ලෙස කාන්තාවක පත් වු පළමු අවස්ථාවයි. අරලියගහ මන්දිරයේ සිට අධිකරණයේ නඩුතීන්දු වෙනස් කිරීමට නොහැකි වූ විට බොරු චෝදනා ඉදිරිපත් කර ඇයට අගෞරව කිරීම මේ රටේ සමස්ත මවිවරුන්ටම අගෞරව කළ අවස්ථාවක් බව” ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

කලා ශිල්පිණී රේණුකා බාලසූරිය මහත්මිය කියා සිටියේ ” වැලි, ගඩොල්, සිමෙන්ති වලට සමාජයක් හදන්න බෑ. එහි ජිවත් වෙන්න යහපත් මිනිසුන් සිටිය යුතුයි. මවක් තම පුතා ලැම්බෝගිනි කාර් එකක යනවට වඩා අසත්‍ය වෙනුවෙන් ඉදිරියෙන් සිටගත හැකි පුරවැසියෙක් වෙනවට සියලූ මවිවරුන් කැමති බවයි.

 

fonwife

අනෝමා ෆොන්සේකා මහත්මිය පුරා ‘වසර 30ක් තිස්සේ රණවිරු බිරිදක් ලෙස එහි දුක දරාගත්තා.වසර දෙකාහාමාරක් සිර ගත කළ සැමියෙකුගේ බිරිද ලෙස ජිවත් වුනා. එනිසා මට මේ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා යැයි කීවාය.

 

20337d78da56454434455f8b6f3ce7ab_L

රංගන ශිල්පී දීපානි සිල්වා පැවැත්වූ කථාව

 

 

 

[vsw id=”/LfKFX7j0WG0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.