මෛත‍්‍රී සම්බන්ධීකරණ ලේකම් නීතීඥ රජික කොඩිතුවක්කුට මරණීය තර්ජන

threats

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නීතීඥ රජික කොඩිතුවක්කු මහතාට මරණීය තර්ජන එල්ල වී ඇති බව ඔහු කියා සිටී

අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුම් මගින් මරණ තර්ජන එල්ලවූ බව කොඩිතුවක්කු මහතා පවසයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ක‍්‍රියාදාමයට සහය නොදක්වන ලෙස දුරකථන ඇමතුම් ලබාදුන් පුද්ගලයා තර්ජනය කර තිබේ. ඉදිරියේදීත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදුනහොත් රජික කොඩිතුවක්කු මහතා ඝාතනය කරන බවත් පවුලට ද අභියෝග එල්ලවිය ඇති බවටත් තර්ජනය කෙරිණ.

 

මේ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලි කිරීමට රජික කොඩිතුවක්කු මහතා ක‍්‍රියා කළේය. එහෙත් එක්වරම පැමිණිල්ල භාර ගැනීමට පොලිස් නිළධාරීන් ක‍්‍රියාකර නොමැත. ඔවුන් පවසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ උපදෙස් පැමිණිල්ල භාරගැනීම සඳහා අවශ්‍ය බවයි.

 

ඉන් පසු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් කිහිප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දීමෙන් පසු පැමිණිල්ල සටහන් කරගැනීමට කෙසෙල්වත්ත පොලීසියේ නිළධාරීහු ක‍්‍රියාකළහ. රජික කොඩිතුවක්කු මහතා කියා සිටින්නේ  ඕනෑම පොලීසියක පැමිණිල්ලක් සටහන් කිරීමට ශ‍්‍රී ලංකා පුරවැසියන්ට අයිතියක් ඇති බවයි. පැමිණිල්ල සටහන් කර ගැනීමට ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ උපදෙස් ලබාගැනීම පොලීසියට අවශ්‍ය නැත.

එහෙත් තමාගේ පැමිණිල්ල සටහන් කරගැනීමට පොලීසිය ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ උපදෙස් පැතීමෙන් හෙළිවන්නේ සැමට සමානව නීතිය ක‍්‍රියාත්මක නොවන බවයි. විනිවිදභාවය පිළිබඳවද ගැටලූ මතුවෙයි.

 

මරණීය තර්ජණ එල්ල වීම සහ ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය කරන නිදහස් සන්ධාන රජයට එරෙහිව විරෝධතාවක් ද අලූත්කඬේ උසාවිය අභියස හෙට  පැවැත්වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.