මොනවද මේ කතා?.. මුරලි අසයි.

 ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල විසින් ඊයේ සවස මාධ්‍ය අමතා කළ චෝදනා තමන් මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බව Murali1මුත්තයියා මුරලිදරන් අද කියා සිටියේය. තිලංග සුමතිපාල විසින් ඔහුව දෝෂ දර්ශනයට ලක් කළ එක් කාරණාවක් වූයේ ඔහු ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස කටයුතු කිරීමය.

මුරලි වෝන් කුසලානය ලෙස මෙම කුසලානය නම් කර තිබියදී , මුරලි අඩුම තරමින් මේ තරගාවලියේදීවත් ඔස්ට්‍රෙලියාවේ උපදේශකයෙක් ලෙස කටයුතු නොකරනු ඇතැයි යන අපේක්ෂාව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් තුළ තිබිණි. ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුව දැඩි විවේචනයට ලක් කරනු ලැබුවේත් ඒ පදනම මත සිටය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා ශ්‍රී ලංකා පාලක මණ්ඩලයෙන් තමාට ආරාධනයක් නොලැබුණු බැවින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු ආරාධනය පිළිගැනීමේ වරදක් නොමැති බව මුරලි මධ්‍යය අමතා කියා තිබිණි. තමන්ට ලංකා කණ්ඩායමෙන් කිසිම ආරාධනාවක් නොලැබුණු බවත් ඔහු කීවේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායකට බැණ වැදී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බීබීසිය මුරලිගෙන්ක ළ විමසීමේදී ඔහු කියා සිටියේ චරිත් සේනානායක විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමා ඔහුගෙන් කරුණු විමසූ බවයි.

එහෙත් සිදුවීම සම්බන්ධයෙන් මුරලිදරන් කරන පැහැදිලි කිරීම චරිත් සේනානායක ප්‍රතික්ෂේප කරන බව බීබීසිය වාර්තා කරන්නේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!