Modi’s Red Flag-මෝඩිගේ රතු කොඩිය

modi mahinda

 

නරේන්ද්ර මෝඩි ශ්‍රී ලංකාව සම්බන්ධව අනුගමනය කළහැකි පිලිවෙත ගැන අනාවැකි කීමට පරචිත්ත විජානනය අවශ්ය නැත. මෝඩි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන්ගේ ශක්තිය සහ බලය තහවුරු වන ආකාරය දැඩි තීරණ ගැනිමට පසුබට නොවනු ඇත

. නරේන්ද්ර මෝඩිට ඉන්දීය ලෝක් සභාවේ පාර්ලිමේන්තු බහුතරයක් හිමිවී ඇත. ජය ලලිතා හෝ කරුණානිධි ශ්‍රී ලංකාව ගැන‍ සිතන ආකාරය ගැන පමණට වඩා සංවේදී වීමේ අවශ්යිතාවයක් නැත. මෝඩි චීනය සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන යන හෙයින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීන පිලිවෙත කුමක් වේදැයි කල්යල් බලමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවක්ද මතුවන්නේ නැත. අනෙක් අතට ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ දෙමළ ජාතික සන්ධානය නැලවීමේ අවශ්‍යතාවක්ද මෝඩිට නැත.

එහෙයින් මෝඩි තමන්ට රිසි පරිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පියවරක් ගනු ඇත. නිසි පරිදි අනුව ඉන්දියාවේ සහ මෝඩිගේ අරමුණු වලට සරිලන පියවරකි. ඒ නරේන්ද්ර මෝඩි මෙන්ම ඉන්දියාවත් බලවත් බව පෙන්වන පියවරකි. මනමෝහන් සිං හා ගනුදෙණු කළ ආකාරයට ජනාධිපති රාජපක්ෂට මෝඩි සමඟ ගනුදෙණු කිරීමේ අවස්ථාව අහිමි වනු ඇත. අනෙක් අතට දෙමළ ජාතික සංධානයට තමන්ට අවශ්‍යද පරිදි විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඒවා ඉන්දියාව හරහා ඉටුකර ගැනීමේ අවස්ථාවත් අහිමි වනු ඇත.

Modi gestures after taking his oath as chief minister during a swearing-in ceremony in Ahmedabad
මධ්‍යගත රාජපක්ෂ පරිපාලනය යටතේ හිඳිමින් විමධ්‍යගත පාලනයකට දෙමළ ජාතික සන්ධානයට එකඟ වීමට සිදුවනු ඇත. එය දැනට පවතින තත්වයට වඩා වැඩි බලතල ලැබෙන නමුත් ප්‍රර්ථනා කළ උතුරු නැඟෙනහිර ප්‍රාන්ත රාජ්‍යට වඩා බෙහෙවින්ම අඩු බලතල සහිත විසඳුමක් වනු ඇත. මෝඩිගේ රතුකොඩිය නොතකා ගමන් කිරීම මහින්ද රාජපක්ෂට මෙන්ම දෙමළ ජාතික සන්ධානයටත් අනතුරුදායක වනු ඇත.

 

 

Read  more-

Modi’s Sweet And Spicy Sri Lanka Strategy

 

 

click-here-

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.