යාපනය සිසුන් ඝාතන සිද්දියේ සැක පොලිස් නිලධාරීන් ලබන මස 13 තෙක් රිමාන්ඩ්

University Students Jaffnaයාපනය විශ්ව විද්යාලයේ සිසුන් දෙදෙනෙකුව වෙඩි තබා ඝාතනය කළේ යැයි සැකපිට අත් අඩංගුවට ගෙන සිටින යාපනය පොලීසියේ පොලිස් නිලධාරීන් පස්දෙනා හයවෙනි වතාවටත් අද දින (30 වෙනිදා) යාපනය අධිරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇප ලබාදීම යාපනය දිසාවිසුරු එස්.සදීස්වරන් විසින් ප්‍රතික්‍ෂේප කොට තිබේ.

ඇප ලබාදීමට තරම් සාධාරණ හේතුවක් නොමැති බව ප්‍රකාෂ කළ දිසාවිනිසුරුවරයා මෙම සැකකරුවන්ගේ ජීවිතවලට යම් අනාරක්ෂිත බවක් ඇති බවට පසුගිය නඩුවාරයේදී හෙළිදරවු වූ කරුණු සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් බන්ධනාගාර නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ. ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂාව පිළිබදව යාපනයේදී ඉතා සැලකිළිමත් වන ලෙසත් අනුරාධපුර බන්ධනාගාරයේම ඔවුන්ව රදවන ලෙසටත් යළි නියෝග කොට ඇත.

ලබන ජනවාරි මස 13 වෙනිදා තෙක් තවදුරටත් මෙම සැකකරුවන් පස්දෙනා රිමාන්ඩ් බාරයේ තබන මෙන් නියෝග කළ දිසාවිනිසුරු වරයා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරණ ලද පොලිස් නිලධාරීන් විසින් භාවිත කරණ ලද ගිණි අවි පිළිබද වාර්තාව හැකි ඉක්මනින් ලබාගන්නා මෙන් රහස් පොලිස් නිලධාරීන් වෙත දැණුම්දී තිබේ.

යාපනය විශ්ව විද්යාලයේ සිසුන් දෙදෙනෙකු යාපනය චුන්කම්හි පොලිස් මාර්ග බාධකයක් අසලදී වෙඩි වැදී මියගොස් තිබුණේ පසුගිය ඔක්තෝබර් මස 21 වෙනිදාය.

දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!