රටට අනතුරක් නම් අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතට අත්සන් කරන්නෙ නෑ…

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත බලාත්මක නොවන තත්වයක් උද්ගතව ඇතැයි පැවසේ. ඒ හේතුවෙන්ම ආණ්ඩු පක්ෂයේ පිරිසක් දැඩි නොKaru 11සන්සුන් තාවයකට පත්ව තිබේ.

අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත පිළිබදව සාකච්ඡාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  පිරිසක් මීට ටික වේලාවකට පෙර කතානායක කරු ජයසූරිය හමුවු අවස්ථාවේදී ඔහු කියා ඇත්තේ මේ පනත බලාත්මක කිරීම සදහා  ස්වකීය අත්සන යොදන්නේ මේ පිළිබදව ඉතා තියුණු විමර්ශනයකින් පසුව බවය.

අදාල සෑම කරුණක්ම යළි යළිත් සමාලෝචනය කර නෛතික උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව රටට යම් අනතුරක් සිදුවන බව හැගෙන්නේ නම් තමන් මේ පනත සදහා අත්සන් නොකරන බව හෙතෙම  ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත පවසා තිබේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.