රන්ජන් ගේ දොරේ සිතාසි

 

 

Ranjan Ramanayaka

 

දේශපාලන රැස්‌වීමකදී බස්‌නාහිර පළාත් සභා ඇමැති නිමල් ලාන්සා මහතාට අපහාස වන ලෙසින් ප්‍රකාශයක්‌ කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති වන්දි නඩුවේ වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිකුත්කර ඇති සිතාසි ඒ මහතාගේ නිවසේ ප්‍රධාන දොරේ අලවන (ආදේශ ක්‍රමයට) ලෙසට මීගමුව දිසා විනිසුරු ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා අද (15 දා) නියෝග කළේය.

 

 

nimallansa
වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශය තුළින් තමන්ට අපහාසයක්‌ සිදුවූ බවත්, ඒ සඳහා ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 10,000/: ක මුදලක්‌ වන්දි ලෙසින් අයකර දෙන ලෙසත් ඉල්ලා නිමල් ලාන්සා මහතා විසින් මෙහි පැමිණිල්ල ගොනු කර ඇත.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ ෆිලීෂියන් ප්‍රනාන්දු පුල්ලේ මහතා සමඟ පෙනී සිටි නීතිඥ හිලරි ලිවේරා මහතා කරුණු දක්‌වමින් වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතාට සිතාසි භාරදීමට පිස්‌කල් නිලධාරි ගිය නමුත් රන්ජන් රාමනායක මහතාගේ නිවසේ රැකවල් කළ පොලිස්‌ නිලධාරීන් රන්ජන් රාමනායක මහතා නිවසේ නොසිටින බවට දැන්වීම අනුව සිතාසි භාරදීමට නොහැකිවූ බව කියා සිටියහ. ඒ අනුව පැමිණිල්ලේ නීතිඥවරුන් විසින් සිතාසිය ආදේශ ක්‍රමයට නිවසේ අලවා භාර දෙන ලෙසට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබීය.
2014 මාර්තු මස 26 වැනි දින මීගමුව ලෙයිටන් ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රසිද්ධ දේශපාලන රැස්‌වීමකදී රන්ජන් රාමනායක මහතා විසින් ලංකාවේ ලොකුම කුඩුකාරයා “නිමල් ලාන්සා” බව ප්‍රකාශ කිරීම ඇතුළු කළ අපහාසාත්මක කථා රැසක්‌ මේ නඩුවට පසුබිම් වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.