රනිල්ට මීයන් අල්ලන පුළුවන්ද ?

mickey-mouse-clip-art-b85e83d1a0bbdcefbbcc27c6ad7817e6

මේ දිනවල ජනප්‍රියතම ක්‍රීඩාව  බවට පත්වී ඇත්තේ ‘ගිලෙන නැවෙන් පැනීමයි’.

ගිලෙන නැවෙන් පනින   මීයන් හට තම පක්ෂ තුළ තැනක්  නැති බව කී එක්සත් ජාතික පක්ෂයේ  උප නායක සජිත් ප්‍රේමදාස මුනිවත රකිමින් සිටින අතර පොදු  අපේක්ෂක  මෛත්‍රීපාල සිරිසේන  තමන්ගේ හිටපු  කැබ්නට් සගයින්ට අත වනමින් සිටී .

මෙහා පැත්තට කව්රු පැ න්නත් ලැබෙන්නේ   ඔල්වරසන්ය.

ඉදිරියේදී පිහිටවන ආණ්ඩුවක් තුළ දැනට රාජපක්ෂ ආණ්ඩුව තුළ සිටින ඇමතිවරුන්ටත් ඉඩකඩ  ලැබෙන බව පොදු  අපේක්ෂකයා කියා සිටී .

මේ අනුව බලන විට පනින මීයන්ට මෙන්ම රැදී සිටින මීයන්ටද කල දවස යහපත්ය.

දේශපාලන හේතු හෝ ප්‍රතිපත්තිමය කරුණු මත පිල් මාරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නක්  වුවද  දැන්  පිල්මාරු කරන අය කියන්නේ තමන්ට සිදුවූ කෙනෙහිලි හේතුවෙන් තමන් නැවෙන් පනින බවය.

මේ මොහොතේ  විපක්ෂය  පිදුරු ගසේ එල්ලී  ගොඩ යෑමේ උත්සාහයක නිරත වී සිටින හෙයින් ගිලෙන නැවෙන් පනින   මීයන් දිරිමත් කොට ඒ අයගේ පැවැත්ම තහවුරු කරන බවට සහතික වීම හැර වෙන කළ හැකි දෙයක් නොමැත.

කෙසේ  හෝ  රාජපක්ෂ රෙජීමය පරාජය කල  යුතුය  යන්න ගැන  සිතනවාට වැඩි යමක්    කල්පනා කිරීමට විපක්ෂයට  නිස්කාන්සුවක්  නැති බව  සත්‍යයකි.මන්දයත් පරාජය වුනොත් රාජපක්ෂ රෙජීමය වෙතින් නොමඳව ආදර  සංග්‍රහ ලැබෙන බව ඔව්හු  දනිති.

එහෙත්  සුපිරිසුදු පාර්ලිමේන්තුවක් ගැන ගැන කථා කරන මේ මොහොත තුළ මේ මීයන්  ගැන සියල්ල අමතක  කොට බලා  සිටය හැකිද?ranilw

අතීතය

ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුව පෙර පටන්ම මීයන් ගෙන්ද සමන්විත ගුලක් වූ නමු ත් මේ මීයන් මැඩලන වැඩපිළිවෙලක් ද විය.

1942  දී ශ්‍රීමත් කොල්ඩිකොට් ආණ්ඩුකාර යා විසින් පත් කරන ලද එල්.එම් .ඩී   ද සිල්වා අල්ලස්  කොමිසම

විසින් රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරු හයදෙනෙක් වැරදිකරුවන් වුහ .

පුරා වසරක කාලයක් තිස්සේ කරන ලද විමර්ශන වලින් අනතුරුව මන්ත්‍රීවරුන් අට දෙනෙක්   නම් කෙරින.

1එච් .ඊ .නිවාම්                      (පත් කල මන්ත්‍රී)

2.ඊ .සී  විලියර්ස්                       (පත් කල මන්ත්‍රී)

3.එච් .එෆ් .ප්ර්ෆිට්                   (පත් කල මන්ත්‍රී)

4ඊ .ඩබ්ලිව්  අබේගුණසේකර          (නුවරඑළිය මන්ත්‍රී )

5.එච් .ඒ. ගුණසේකර                 (බලංගොඩ මන්ත්‍රී)

6.ඩී .ඩී .  මන්ත්‍රීවරුන් ගෙන් (බණ්ඩාරවෙල මන්ත්‍රී)

7යු  බටුවන්තුඩාව                               (කළුතර මන්ත්‍රී)

8ඊ.ආර් .තම්බිමුත්තු           ( ත්‍රී කු ණා මලය -මඩකලපුව )

වැරදිකරුවන් ලෙස නම් කෙරුන මන්ත්‍රීවරුන් හත්දෙනෙක්ම කඩිමුඩියේම ඉල් ලා  අස්වී  ජාම බේරා ගත්හ .

ඊ.ආර් .තම්බිමුත්තු මන්ත්‍රීවර යා ඉල් ලා අස් නොවූ විට 1943 අංක 14 දරණ  රාජ්‍ය  සභා   නියෝජිතයින් ඉවත් කිරීමේ පනත උපයෝගී කරගනිමින් ඔහුව ඉවත් කිරීමට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායක ඩී . එස්  සේනානායක  වහාම ක්‍රියාත්මක් විය .

මේ ඉල්ලා අස්වූ මන්ත්‍රීවරුන්ගෙන් තිදෙනෙක්ම සුදු ජාතිකයින්වුහ . හමේ පාට හෝ ජාතිය සමාවට  හේතුවක් නොවීය

1959 දී  පාර්ලිමේන්තු සහ සෙනෙට් මන්ත්‍රී වරුන්ට අල්ලස්‌  චෝදනා නැගුනු විට එස් . ඩබ්ලිව්.ආර්. ඩී .බණ්ඩාරනායක අගමැතිවරයා ල්ගොඩපිටිය කොමිසම පත් කළේය .

මන්ත්‍රීවරුන් හයදෙනෙක් මෙම  කොම්සම් වාර්තාවෙන්  නම් කෙරින.

  1. හෙන්රි අබේවික්‍රම

2.ආර් . ඊ . ජයතිලක

  1. එම්  .එස්. කාරිඅප්පා
  2. සී .ඒ .එස් මරික්කාර්

5.ඩී .බී .මොන්නෑකුලම

6.එම්.පී.ඩී .සොයිසා

මේ  සියලු දෙනාටම හත් අවූරුද්දක් යන  තෙක්  මැතිවරණ වලට තරඟ කිරීම තහනම් කෙරුන අතර කාරිඅප්පා මන්ත්‍රීවරයාට තනතුර අහිමිවූ අතර මොන්නෑකුලම මන්ත්‍රීවරයා ඉල්ලා  අස්විය .

මේ  සම්ප්‍රදාය දැන් අතීත මතකයක් පමණි.

 

අගමැති ලෙස දිවුරුම් දීමට  අළුත් සුට්  එකක් මසා ගෙන  සිටින රනිල් වික්‍රමසිංහ  පාර්ලිමේන්තු මීයන් මැඩලීමට ගන්නේ කවර පියවරදැයි කියා සිටින් නේ නම් යෙහෙකි.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.