රනිල් ගෙන් ජනපතිට සියුම් ඉඟියක්…………

ranil-and-mithripalaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන FCID ය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් අනතුරුව අත්වී තිබෙන ව්‍යාකුල තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සීරුවෙන් ඉඟියක් කොට ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පිහිටු වූ යහපාලන රජය පිළිබඳව යුරෝපා සංගමය තුළ ඇති පැහැදීම පදනම් කර ගනිමින්, අප රටේ ජනතාවට ආධාර සහ එහි ප්‍රතිලාභ ලබාදීමට යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සූදානමින් සිටින බවත්, ඒ පසුබිම මත ලබන වසරේ දී GSP+ තීරු බදු සහනය ලබාගැනීම පිළිබඳව ගමන්ට කිසිදු සැකයක් නැති බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

නීති රීති සපුරා ගැනීමේ වගකීම.

බ්‍රසල්ස් නුවර යුරෝපා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා ජනමාධ්‍ය අමතමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ GSP+ සහනය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සහ පිළිපැදිය යුතු නීති රීති සපුරා ගැනීමේ වගකීම ශ්‍රී ලංකාව සතු බවයි. පීල්ලේන් පිට පැනීම මේ ප්‍රකාශයේ දේශපාලන අර්ථය වන්නේ ජනාධිපතිවරයාට රිසි පරිදි පීල්ලේන් පිට පැනීමට ඉඩක් නැති බවයි.

නීතියේ ආධිපත්‍ය යළි පිහිටුවීම යහ පාලනයේ පොරොන්දුවකි. මේ පොරොන්දුව කඩ කළහොත් සිරිසේන-වීක්‍රමසිංහ දීගයට වැඩි අනාගතයක් නැති බව අගමැතිවරයා බ්‍රසල්ස් ප්‍රරකාශයෙන් සියුම්ව ඉඟි කොට ඇති බව දේශපාලන විචාරකයින් පවසති. එහෙත් ජනධිපතිවරයා වට කොට සිටින පුරෝහිතයින් හට මේ සියුම් ඉඟි තේරුම් ගැනීමේ හැකියාවක් තිබේද යැයි මේ විචාරකයින් ප්‍රශ්න කරති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.