රවි කිසිත් නොදනී – සියල්ල කළේ බිරිඳ සහ දියණිය

Ravi and Moneyකොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවයි විදේශ ඇමති රවී කරුණානායක පැවසුවේ.ඔහුට අනුව එම නිවස මිලට ගැනීමට කටයුතු කර ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය යයි. ඔවුන් වෙනුවෙන් ඒ අය අධ්‍යක්‍ෂධුර දරන සමාගමෙන් නවස මිලදී ගෙන් ඇත.

මීළඟ ප්‍රශ්නය වන්නේ මේ සා දැවැන්ත ගනුදෙනුවක් පිළිබඳව ස්වාමි පුරුෂයාට පවසන්නේ නැතිද යන්නයි. එම ප්‍රශ්නයටත් පිළිතුරු දෙමේ හැකියාවක් රවී කරුණානායක සතු විය. බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ හොඳ පවුල් ජීවීතයක් ගත කළත් සෑම තොරතුරක්ම ඒ අය හුවමාරු කරගන්නේ නැත. ඉතා කාර්ය බහුල ඇමතිවරයා එම නිවස ගැන මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේ දීය. කිසිත් නොවිමසු ඔහු එහි පදිංචි වී තිබේ

අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයට රවි ගැන බොහෝ දේ පැවසූ sms බොහෝ විය.

‘ගරු රවී’ සහ ‘ආර්.කේ.’ යනුවෙන් එහි සුපුරුදු උත්තරය ලැබිනි. ඒ පිළිබඳ ඔහු කිසි දෙයක් දැන සිටියේ නැත. කිසිවක් තමා නොදන්නේ යැයි පැවසීය. අර්ජුන් ඇලෝසියස් සමඟ එකම දින එකම ගුවන් යානයකින් සිංගප්පුරූ ගිය බවටද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා පේනවා දුන්නේය.

කොමිසමේ සාමාජික විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා අමාත්‍ය රවී කරුණානායක මහතා අමතමින් සියල්ල සාරාංශ කළේය.

” මේ සියල්ලටම තමන්ගේ පිළිතුර වන්නේ ‘මා කිසිවක් දන්නේ නැහැ’ නේද”

පිළිතුර පැහැදිලි ‘ඔව්’

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.