රවි සමාව අරගෙන සාක්ෂි අරඹයි – ඇත්ත කිව්වොත් ගැටළු නැහැ

Ravi Karunanayakeහිටපු මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද පෙරවරු 10.30ට සාක්කි දීම ආරම්භ කළේය.

මීට පෙර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද ඒ සඳහා පැමිණිය නොහැකිවීම පිළිබඳව ඇමැතිවරයා සමාව ඉල්ලා සිටියේය. අනතුරුව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා දන්වා සිටියේ හිටපු මහ බැංකු අධිපතිට ලිපියක් යැවීම, මොනැක් අපාර්ට්මන්ට් හි පදිංචිවීම හා මිලදී ගැනීමට අදාළව සාක්කි දීමට ඇමැතිවරයා පැමිණ ඇති බවයි.

එහිදී රවී කරුණානායක දන්වා සිටියේ අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට තමා සූදානම් බවයි. බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා ඇමැතිවරයාට දැනුම් දී සිටියේ කොමිසමට සත්‍ය ප්‍රකාශ කළහොත් කිසිදු ගැටලුවක් සිදුනොවනු ඇති බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.