රාජපක්ෂට එක්වෙනවාට වඩා දිවි තොර කර ගැනීම හොඳයි- සරත් ෆොන්සේකා

sarath (1)fffg

 

තමන් ආණ්ඩුවට එක්වීමට යන බව  මහින්ද රාජපක්ෂ ගෙන යන ප්‍රචාරයේ සත්‍යයක් නොමති බවත් තමන්ව  විශ්වාස කරන්නැයි ඉතා හැඟුම්බර ප්‍රකාශයක් කල හිටපු හමුදාපති  සරත් ෆොන්සේකා කියා  සිටියේය.

 

ඔහු ගේ බෑනා වූ ධනුන තිලකරත්න දීර්ග කාලයක් තිස්සේ අධිකරණය මග හැර ඉඳ නඩුවට ඉදිරිපත් වූ සැනින් ඇප ලබා දීමෙන් අනතුරුව සරත් ෆොන්සාක ආණ්ඩුවට එකතු වීමට ඉඩ ඇතැයි ඉඟි කෙරෙන ප්‍රචාර පැතිර යන්නට විය.

sarath-fonseka-free-home-5

මේ ප්‍රචාර  පොදු අපේක්ෂකයා ගේ මැතිවරණ ප්‍රචාරණයට බලපාන්නට ඉඩ ඇති හෙයින් සරත් ෆොන්සේකා කැමැත්තෙන්ම දැඩි ප්‍රකාශයක් කිරීමට එකඟ වූ බව විපක්ෂ ආරංච් මාර්ග කියා සිටී.

 

‘මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘතිය රජ කරන රට විනාශ කරන රටේ ජනතාවගේ අනාගතය බලාපොරොත්තු බිල්ලට දීල රටම ණය කරල රටටම බදු බර පටවල රට විනාස කරන පුද්ගලයෙක් එක්ක එකතු වෙනවට වඩා හොඳයි ජීවිතේ හානි කරගන්න එක කියලයි මම හිතන්නේ. එක හන්දා මම ජනතාවට ආදරයෙන් කියනවා මම ගැන විශ්වාසය තියන්න මම කවදාවත් මේ දුෂිත පාලකයාට එරෙහිව ගෙනියන සටන අතහරින්නේ නෑ යැයි සරත් ෆොන්සේකා  මහතා පැවසීය.

sarath-fonseka-free-home
මේ දිනවල මේ රටේ පාලකයා, ඔහුගේ රජය, ජනතාව මුළා කරන්න ප්‍රචාරයක් අරිනව මම වරදාන වරප්‍රසාද බලාපොරොත්තුව රජයට එකතුවෙනවා ඔවුන් මට රජයේ ඉහල තනතුරක් දෙනවා කියල. අගමැති තනතුර බලාපොරොත්තුව මම රජයට එකතුවෙන්න හදනව කියල. මම රටේ ආදරණීය ජනතාවට කියන්න කැමතියි මම නිළ ඇඳුම ගලවල හමුදාවෙන් ඉවත්වෙන්න ඉස්සෙල්ලත් 2010 ඔය පාලකයා මගේ ඉවත්වීම වලක්වන්න මට නොයෙක් දේවල් පොරොන්දු වුණා. අමාත්‍යංශ දෙන්නද කියල ඇහුව. ජනාධිපති ලේකම් තුමා  මගේ ගෙදරට එවල පැය 2ක් සාකච්චා කරලා මට ලේකම් ධුර ර දෙකක් බාරගන්න ලිපි පවා එවුවා. ආරක්ෂක ලේඛම්ගේ තනතුරේ වගකීම් දෙකට කඩල මට දෙන්නද ඇහුව. අගමැතිකම දෙන්නද ඇහුව. ඒ එකක්වත් බාරගන්න මම කැමති වුනේ නෑ. මම ඉතා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කලා’. යැයි සරත් ෆොන්සේකා කියා සිටියේය.

 

SF in Prison_CI

තමන් දිගටම ආණ්ඩුවට එරහිව ගෙනි යන වැඩ පිළිවෙළේ නිරතව සිටින බව සරත් ෆොන්සේකා  මහතා අවධාරණය කළේය.

‘ මම කියන්න කැමතියි මම කිසි දිනෙක එවැනි දේවල් වලට හිස නමන කෙනෙක් නෙමෙයි. මම හිරේ දාල, මට හිරිහැර කලා. අවුරුදු දෙකහමාරක් මම හිරබත් කෑවා. එත් මම එවැනි දේට හිස නැමුවේ නෑ. මගේ ගෙදර ඉන්න සුනඛයෙක් හෝ බළල් පැටියෙක් හෝ හිස නමන්නේ නෑ. එවැනි නායෙකයෙකුට  එකතු වෙනවට වඩා හොඳයි දේශපාලනය කරන්න, ජීවිතේ හානි කරගන්න එක කියලයි මම හිතන්නේ. එක හන්දා මම ජනතාවට ආදරයෙන් කියනවා මම ගැන විශ්වාසය තියන්න මම කවදාවත් මේ දුෂිත පාලකයාට එරෙහිව ගෙනියන සටන අතහරින්නේ නෑ’

 

මේ සිදුවීමෙන් පෙනී යන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ තවත් ගණන් බැලිල්ලක් වැරදී ගිය බවද?

[vsw id=”/NvXUM19RaOo” source=”youtube” width=”325″ height=”324″ autoplay=”no”]

 

ජනාධිපතිවරණ 2015 එසැන ප්‍රතිපල විකාශනයට එන්න-sinhala.lankanewsline.com- ජනවාරි අටවෙනිදා 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.