රාජපක්ෂ කල දවස අවදානම් – Economist විග්‍රහය

20150103_LDP003_0

ජනාධිපතිවරණය කැඳවූ අවස්ථාවදී  තමන්ට  වාසිදායක අවස්ථා රැසක්ම තිබු බව මහින්ද රාජපක්ෂ කල්පනා කරන්න්නට ඇති බව Economist  සඟරාව පෙන්වා දෙයි.

විපක්ෂය තුල බෙදීම් රැසක් වූ අතර ආර්ථිකයේ කෙටිකාලීන මෙන්ම දිගු කාලීන  ප්‍රගතියක  ලකුණු දක්නට ලැබිණි.

සියට 57 ක් තරම් ප්‍රතිශතයකින් බලය තහවුරුකර ගැනීම  අත්පත් කර ගත  හැකි ඉලක්ක්කයක් සේ රාජපක්ෂට හිතෙනට ඇති බවයි විග්‍රහය පෙන්වා දෙන්නේ.

දැන් පවතින් තත්වය අනුව ඡන්ද දුෂණයක්  සිදු නොකළහොත් සියට 57 ක් තරම් ප්‍රතිශතයකින් බලය තහවුරුකර ගැනීමට ඇත්තේ අල්ප ඉඩකි.

සමස්තයක් ලෙස මෙම විග්‍රහය පෙන්වා දෙන්නේ දැන් තරඟය කරට කර පවතින් බවත්  ප්‍රතිවාදී  මෛත්‍රීපාල සිරිසේන කොයි මොහොතේ හෝ  පැහැදිලිව ඉදිරියට පැමිණිය හැකි බවයි.

budgetfight007Gossiplankanews

බටහිර බලපෑම් වලට මුහුණ දිය හැකි දේශප්‍රේමියෙක් ලෙස පෙනී සිටීම තුල රාජපක්ෂට ජනප්‍රියවීමට ඉඩක් ලැබුනත් දුන්නත් අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීම,මුස්ලිම් විරෝධය වර්ධනය වන්නට ඉඩ හැරීම, දුෂණය වැඩි වෙන්නට ඉඩ දීම ,උවමනාවට වඩා චීනයට ලංවීම ආදී කරුණු මහින්ද රාජපක්ෂට අහිතකර ලෙස බලපාන්නට පටන් ගෙන ඇති බව මෙම විග්‍රහයෙන් ඇඟවුමක් කොට තිබේ.

රාජපක්ෂලා විසින් තමන්පවා දුන් ජුදාස් කෙනක් සේ හිතන  මෛත්‍රීපාල සිරිසේන ඒකාධිපති පවුල් පාලනය හමාර කිරීමට සමත් අපේක්ෂකෙක් සේ ඉස්මතුව සිටී.

මෛත්‍රීපාල සිරිසේන දෙමළ ජනතාවට බලාපොරොත්තුව දනවන ෆන් ටැඹක් නොවෙතත් ඔවුන්ගේ ගැටළු විසඳීමේ ආරම්භක පියවර ගත් හැකි අයෙකු සේ පිළිගැනීමට ලක්ව සිටින බව මෙම විග්‍රහය පෙන්වා දෙයි.

Maithripala Srisena_4

 

මෛත්‍රීපාල සිරිසේන  ශ්‍රී ලංකාවේ සැබෑ සංහිඳියාව ගොඩ නගා ප්‍රජාත්න්ත්‍රවාදය ඇති කිරීමට සමත් එකම විකල්පය විය හැකි බව මෙම විග්‍රහය කියාසිටී.

සමස්තයක් ලෙස මෙම විග්‍රහය පෙන්වා දෙන්නේ රාජපක්ෂ ගේ කලදවස අවදානම් බවයි.එහෙත් අනෙක් අතට මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය නැගෙනහිරින් හිරු පායන  සේ ඒකාන්තයෙන්ම සිදුවෙතැයි  කියන්නේද නැත.

ඉදිරි දින කීපය ප්‍රශ්නාර්ථ සහිතව ගෙවෙන දවස් කීපයක් වනු ඇත යන්න වඩාත් පහසුවෙන් එළඹිය හැකි නිගමනයයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.