රාජ්‍ය සේවකයන් ප්‍රසිද්ධියේම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ-cafe

141228173812_galle_invitation_412x549_bbc

 

 මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමේ සිදුවීම් 600 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර රාජ්‍ය සේවකයන් ප්‍රසිද්ධියේම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙමින්

සිටින බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටී.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහභාගි නොවන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කොට තිබියදීත් බොහෝ රාජ්‍ය නිලධාරීන් එය නොතකා  හරිද්දී එය වලක්වාලීමට

මැතිවරණ බලධාරීන් අපොහොසත්වී ඇති බව රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

 

මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් හෙට සඳුදා ගාල්ලේ සංවිධානය කොට තිබෙන ‘මහින්ද චින්තන – ලොව දිනන මඟ 2020 ගාල්ල’ මැයෙන් යුත් රැස්වීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් පීබී ජයසුන්දර සහභාගි වීම පැහැදිලිවම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවත් රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.