රාජිත ගේ ලිපිගොනු පැහැර ගනී

rajitha

පොදු අපේක්ෂකයාට ක්‍රියාකාරී ලෙස සහයෝගය දක්වන හිටපු ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්නගේ බේරුවල හෙට්ටිමුල්ලේ දෙමහල් නිවසට ඇතුළු වූ සොරුන් වැදගත් ලිපි ගොනු කීපයක් රැගෙන් ගොස් ඇත.

මීට අමතරව අයිපෑඩයක් හා ටැබ්ලට් පරිගණකයක් ද සොරා ගෙන ඇතැයි පොලිසිය කියා සිටී.

ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමගම තමන්ගේ ජීව්තයට තර්ජන ඇති බව රාජිත සේනාරත්න මීට පෙර පැවසුවේය.

.
පිටුපස ජනේලය කඩා ගෙදර දොර ජනෙල්වල සරනේරු විස්සක් පමණ ගලවාගෙන ඇති බවත් මේ සොරකමේ ස්වභාවය අනුව එය මත් ද්‍රව්‍ය භාවිතා කරන්නෙකුගේ වඩක් විය හැකි බව පොලිසිය පවසයි.

රාජිත සේනාරත්න මහතාගේ බේරුවල නිවසේ වැටී තුබූ බීඩි කොට හා ගිනිකූරු ඉව ඔස්සේ කිලෝමීටර එක හමාරක් ගිය ග්‍රේරු නම් පොලිස් සුනඛයා ගෙවල් පෙළක් අසල නතර වූ බව පොලිසිය කියයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.