රාජ- පක්ෂ වෙන්න බෑ කියන හකීම්ට චෝදනා

 

rajapaksa-rauff-hakeem

මුස්ලිම් කොන්ග්‍රසය ආණ්ඩුවෙන් නික්ම  පොදු අපේක්ෂක  මෛත්‍රීපාල සිරිසේනට සහාය පල කරන බව දැනගත් සැනින් එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මුස්ලිම් කොන්ග්‍රසය රවූෆ් හකීම් මේ රට බෙදීමට යන පිරිස් සමග එක් වී ඇති බව චෝදනා කොට සිටී.

නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන් සඳහා වෙනමම පරිපාලන ඒකකයක්වෙනුවෙන් කල ඉල්ලීමට ඉඩ දිය නොහැකි හෙයින් මුස්ලිම් කොන්ග්‍රසය සමග පැවති සාකච්ඡා බිඳ

වැටුණු බව  සුසිල් ප්‍රේමජයන්ත් කියා සිටියේය.

 

spream

වාර්ගික සංයුතිය මත පදනම්ව පළත් බෙදීම තමත් පක්ෂයේ  ප්‍රතිපතිය නොවන බව යි එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

වාර්ගික සංයුතිය මත පදනම්ව වෙමම මුස්ලිම් පරිපාලන ඒකකයක් ඇති කිරීමේ යෝජනාව රනිල් වික්‍රමසිංහ සහ  මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙන විසින්ද ප්‍රතික්ෂේප කොට ඇත.

ආණ්ඩුව තමන්ට හිතවත් පිරිස් මුස්ලිම් විරෝධිව  හැසිරෙද්දී ඊට අනුබල දෙන ආකාරයක් පෙන්නුම් කල හෙයින් මුස්ලිම් ජන කොටස් ආණ්ඩුව පිළිබඳව කලකිරීමෙන්

සිටින අවස්ථාවකදී ආණ්ඩුවට සහයෝගය පල කිරීම සියදිවි නසා ගනීමක් බව හකීම් ඇතුළු පිරිස මුල පටන්ම දැන සිටියහ.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් ආණ්ඩුවෙන් පිටමං වීමේ  තීන්දුවක් තමන්ට අවාසිදායක විය හැකි බැවින් කිසිසේත්ම නොලැබෙන ඉල්ලීම්ක්ක් වු

නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන් සඳහා වෙනම  පරිපාලන ඒකකයක් සඳහාවූ ඉල්ලීම ඉදිරිපත් කරමින් හකීම් හැකි තරම් කල් ගත්තේය.

නැගෙනහිර මුස්ලිම්වරුන් නියෝජනය කරන රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා පොදු අපේක්ෂකයාට එක්වීමත් සමග හකීම් ඇතුළු පිරිසට තවත් කල් මරන්නට බැරිවිය.

ගණන් බැලීම

මෛත්‍රීපාල සිරිසේන ට දිනන්නට ඇති ඉඩ කඩ  වැඩි බව හකීම් ඇතුළු පිරිස ගේ  ගණන් බැලීම බව පෙනෙන්නට තිබේ.

රවුෆ් හකීම් මාධයට පැවසුවේ  17 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනය ක්‍රියාත්මක කරවා ගැනීම  සඳහා තමන් අධිකරණ ධුරයෙන් ඉල්ලා අස්වී මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට තීරණය කල බවයි.

කිසිවෙක් සමග ගිවිසුමක්  නැති නමුත් එක්සත් ජාතික පක්ෂයත් සමග එකඟතාවයකින් වැඩ කරන බව රවුෆ් හකීම්  පවසයි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුවෙන් ඉවත්වීමත්  සමඟ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙක්, පළාත් සභා මන්ත්‍රීවරුන් 13ක්, පළාත් පාලන මන්ත්‍රීවරුන් 163ක් විපක්ෂයට එක්වී ඇත.

 

නැගෙනහිර

නැගෙනහිර පළාත් සභාව තුළ ආණ්ඩුව සතු බලය බිඳ දැමීමට තමා කිසිසේත් අදහස් නොකරන බවත් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් කියා සිටී.

‘නැගෙනහිර පළාත් සභාවේ, එතන අපි තීරණාත්මක සාධකයක්. අපි නැතුව බහුතරයක් නැහැ. ඒ බහුතරය නැති කිරීමේ ක්‍රියාදාමයක අපි නියැලෙන්නේ නැහැ”

යැයි හකීම් පවසයි. මේ අනුව වැඩ  වැරදුනහොත් ඔහුට යළිත් අපසු ආණ්ඩුවට ඒමට ඇති ඇති ඉඩ කඩ ඉතිරි කර ගැනීමට හකීම් සහ පිරිස ප්‍රවේසම් වී තිබේ.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.