රු. 149 ඉක්මවූ ඇමරිකානු ඩොලරය

ඇමෙරිකානු ඩොලරයක රුපියලේ අගය ඊයේ (29 දා) දිනයේදී රු. 149 ද ඉක්‌මවා යමින් රු. 150 ට ආසන්න අගයක්‌ දක්‌වා ඉහළ ගියේය.

මෙසේ ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රු. 149 ඉක්‌මවා ගියේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 149.54 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (28 දා) රු. 148.91 ක්‌ විය.

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ආදායම් අඩුවීම නිසා මෙසේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම පිරිහෙමින් තිබේ.

  • දිවයින පුවත්පත –

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!