රොෂාන් පිටුපසින් ඒකාබද්ධයේ තවත් මන්ත්‍රීවරු ආණ්ඩුවට

roshanඒකාබද්ධ විපක්ෂය සමග මෙතෙක් කාලයක් සිටි පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ ඒකාබද්ධයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන බව පැවසීමත් සමඟ මහින්දගේ සගයින් එකිනෙකාට දුරකථනයෙන් කතා කරමින් මීළඟට පනින්නේ කවුරුන්ද යන්න හොයා බැලීමට පටන් ගෙන තිබේ. ඔහු මෛත්‍රීපාල සිරිසේන සමඟ කෙලින්ම ගැටුන මන්ත්‍රීවරයෙකි. ඔහු දැන් ජනාධිපතිවරයට සහාය දැක්වීමට ඉඩ තිබේ.

මේ අතර මෙතෙක් කාලයක් මැදමූලනේ රාජපක්ෂලාට පක්ෂපාතීව සිටි හම්බන්තොට ශ්‍රීලනිප පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඔහු මෙතැන් සිට සිරිසේන මහතාට සහාය දක්වන බව පවසා තිබේ. අජිත් රාජපක්ෂ පසුගිය පළාත් සභා මැතිවරණයේ දී මනාප ඡන්ද 34591 ක් ලබා දිස්ත්‍රික්කයෙන් තෙවැනි තැනට මනාප ලබා පළාත් සභාවට පත්වූ අයෙකි. මේ ඉවත්වීම් කල් යල් බලා සැලසුම් කළ ඒවා බව පෙනේ.

මේ අතර වාරේ ඒකාබද්ධ විපක්ෂය තුළ විමල් වීරවංශට එරෙහිව නැගෙන විරෝධය දැඩි වෙමින් පවතී

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.